දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්: පුද්ගලයින් 28,000කට අධික පිරිසක් පරීක්ෂාවට – බීමත් රියදුරන් 382ක් දැලේ

 

කොළඹ: පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් යටතේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 28,470 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

 

දිවයිනේ සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. 2026.01.30 වන දින සිදුකළ වැටලීම්වල ප්‍රගතිය පහත පරිදි වේ:

 

අත්අඩංගුවට ගැනීම් සහ වරෙන්තුකරුවන්

මෙම විශේෂ මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇත:

 

සැක පිට අත්අඩංගුවට ගත් පිරිස: 523

 

අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින්: 09

 

දින වරෙන්තුකරුවන්: 226

 

විවෘත වරෙන්තුකරුවන්: 161

 

මාර්ග නීති උල්ලංඝනය කිරීම්

රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩි පියවර ගෙන ඇති අතර, එහිදී බීමත් රියදුරන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත:

 

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම්: 382

 

අපරික්ෂාකාරී රිය පැදවීම්: 73

 

වෙනත් රථවාහන වැරදි: 4,211

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ අපරාධ මර්ධනය සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

 

————————————————– 

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 

(Certificate in Introductory Media Communication Ethics) 

මාධ්‍ය අධ්‍යයන පුහුණුව

 

ඕනෑම අයකුට 2026 පෙබරවාරි මස 15 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply