කම්කරු නීති ප්‍රතිසංස්කරණයට නව පනත් 4ක්: ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) අදහස් විමසයි

කොළඹ, ජනවාරි 31 — ශ්‍රී ලංකාවේ පවතින කම්කරු නීති පද්ධතිය කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය යටතේ, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විශේෂ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) අතර විශේෂ හමුවක් පසුගියදා (27) නාරාහේන්පිට පිහිටි ‘මෙහෙවර පියෙස’ කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, යෝජිත නව නීති රාමුව පිළිබඳව සේවා යෝජක සහ සේවක දෙපාර්ශ්වයේම නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු විය.

පනත් 49ක සිට නව පනත් 4ක් දක්වා

දැනට ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් 49ක් ක්‍රියාත්මක වන බව මෙහිදී පෙන්වා දුන් කමිටුව, ඉන් බොහොමයක් වර්තමානයේ අක්‍රීය මට්ටමේ පවතින බව සඳහන් කළේය. මෙම නව සංශෝධන ක්‍රියාවලිය හරහා දැනට සක්‍රීයව පවතින පනත් අතරින් 12ක් ප්‍රධාන වශයෙන් සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව, විසිරී පවතින කම්කරු නීති ඒකාබද්ධ කරමින් පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව පනත් 4ක් ලෙස සම්මත කිරීමට රජය අදහස් කරයි:

ශ්‍රම ප්‍රමිතීන් පිළිබඳ පනත

කාර්මික සබඳතා පිළිබඳ පනත

වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ පනත

වෘත්තීය සමිති පිළිබඳ පනත

ත්‍රෛපාර්ශ්වීය එකඟතාවය

මෙම හමුවේදී ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවා යෝජකයන්ගේ සම්මේලන නියෝජිතයන් විසින් නව පනත් කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඉදිරිපත් කරන ලදී. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරමින්ම, ආයෝජන හිතකාමී සහ කාර්යක්ෂම ශ්‍රම වෙළඳපොළක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටු සාමාජිකයන්, කම්කරු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ සේවා නියුක්තයන්ගේ හා සේවා යෝජකයන්ගේ සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

————————————————– 

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 

(Certificate in Introductory Media Communication Ethics) 

මාධ්‍ය අධ්‍යයන පුහුණුව

 

ඕනෑම අයකුට 2026 පෙබරවාරි මස 15 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply