රටපුරා රෝහල් නැවත දැන්වන තුරු අසනීපයි. රෝගිහු ගෙදරට වෙලා ඉන්න!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (23) සිට දින සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම  අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කළ බව ද සංගමය පැවසීය.

පසුගිය කාලය තුළ, නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු පිළිබඳ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති අන්තර්ගත නොවීම, සෞඛ්‍ය පද්ධතියේ සහ සේවකයින් තුළ බරපතල අපහසුතාව සහ විරෝධතාව ඇති කළ බව සංගමය ප්‍රකාශ කළේ ය.

එහි ප්‍රධාන එකඟතා ඉදිරිපත් වූයේ සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නව සේවා කාණ්ඩයක් පිහිටුවීම, වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, ප්‍රවාහන ගැටලු විසඳීම (22/99 චක්‍රලේඛයට අනුව), අමතර රාජකාරි දීමනාව ස්ථාවර කිරීම, පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම, සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අදාළ වගකියන්නන්ට ගැටලු විසඳීමට දින 10 කාලයක් ලබා දුන් අතර, එය ක්‍රියාත්මක නොකළ නිසා මෙම ක්‍රියා මාර්ගය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක  වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.  

හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා (ළමා, මාතෘ, පිළිකා, වකුගඩු ප්‍රතිකාර, ත්‍රිවිධ හමුදා රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය) වර්ජනය ක්‍රියාත්මක වනු නැති බවත් ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධව සම්පූර්ණ වගකීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බවද හෙතෙම පැවසීය.

සංගමය අවධාරණය කරන්නේ, නිදහස් සෞඛ්‍ය සේවාවේ ආරක්ෂාව සහ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට එය පසුබට නොවන බවයි.

Share.
Leave A Reply