සිංහල ජනතාවගෙන් වැළලී ගිය කොළඹ ඉතිහාසය යළි අවදි කිරීමේ ඓතිහාසික සැමරුම සහ සාහිත්‍ය කතිකාව සමඟින්, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර මහතා සම්පාදනය කළ “කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින්” ග්‍රන්ථය ජනගත කිරීමේ මහා මංගල්‍යය මේ මස 25 වන ඉරුදින පස්වරු 2.00 ට ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරු දැරියන්ගේ පරිශීලනය උදෙසා පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇති මෙම කෘතිය මෙරට සිනමා ඇසින් ඉතිහාසය දෙස බැලීමේ නවමු මානයක් විවර කර දෙන්නකි.
මෙම අභිමානවත් දහම් සභාව මහා විහාර වංශික ශ්‍යාමෝපාලි අස්ගිරි මහා විහාරයේ අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමි සහ කැලණි රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එමෙන්ම පුරාවිද්‍යා චක්‍රවර්ති අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියන් ඇතුළු ගිහි පැවිදි විද්වතුන්, ප්‍රවීණ කලාකරුවන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිත බව ග්රන්ථ කර්තෘ චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර මහතා සඳහන් කරයි.

