පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30,000 දක්වා ඉහළට: අද සිට ක්‍රියාත්මකයි
කොළඹ: 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප අද (2026 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මැතිණිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නව වැටුප් සංශෝධනයේ ප්‍රධාන කරුණු මෙසේය:
වැටුප් සංශෝධනයේ විස්තර
මාසික අවම වැටුප: රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා.
දෛනික අවම වැටුප: රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා.
සේවායෝජකයන්ගේ වගකීම
මෙම සංශෝධනයට අනුව සෘජු සේවායෝජකයන් පමණක් නොව, අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා සේවකයන් යොදවා ගන්නා ආයතන ද (අවසාන සේවායෝජකයා) මෙම වැටුප ගෙවීමට නීත්‍යානුකූලව බැඳී සිටී.
එසේම, 2025 මාර්තු 31 වන දින වන විට සේවකයෙකු ලබමින් සිටි කිසිදු දීමනාවක් (අයවැය සහන දීමනා හැර) මෙම අවම වැටුපට හිලවු කිරීමට සේවායෝජකයාට අවසර නැත.
අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා
නව වැටුප් වැඩිවීමත් සමඟ පහත සඳහන් සියලු ගෙවීම් ද ඒ හා සමාන්තරව සංශෝධනය විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි:
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF).
අතිකාල දීමනා (OT).
පාරිතෝෂික දීමනා සහ ප්‍රසූතිකාධාර.
නිවාඩු දින ගෙවීම්.
පැමිණිලි ඉදිරිපත් කිරීම
යම් හෙයකින් මෙම නව වැටුප් සංශෝධනය ක්‍රියාත්මක නොකරන සේවායෝජකයන් සිටී නම්, ඒ පිළිබඳ පැමිණිලි cms.labourdept.gov.lk වෙබ් අඩවිය හරහා හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව දැනුම් දිය හැකිය.
————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

