බදුබර අඩුකර පිඩීතයන්ට සහන දී වමේ මාවතකට ආණ්ඩුව පැමිණිය යුතු යැයි මහාචාර්ය විතාරණ අවධාරනය කළේ ය.

කොළඹ දී ඊයේ (20)  පැවනි මාධ්‍ය හමුවක දී මෙතෙම මෙසේ කීය. වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේ ද කීය.

මේ ආණ්ඩුව යන්නෙ වැරදි වැරදිම මවතකයි. ලංකාවේ හා ලෝකයේම ආර්ථිකය දරුණු අගාධයකට වැටෙමින් තියනව.මේ යටතේ ලංකාවේ ආර්ථිකය දරුණු පසු බෑමකට ලක්ව තියනව. රටේ දුප්පත් කම සියයට 34 සිට සියයට 70 දක්වා වර්ධනය වෙමින් තියනව. මේ බව කියන්නේ අපි නොවෙයි,ලෝක සෞඛ්‍ය අංශ බව කියන්න කැමැතියි.

රටේ ජනතාව ජීවත් වන්නේ අන්ත අසරණ තත්ත්වයකයි.තුන් වේලක් තියා ඒක වේලවත් කන්න විදියකක් නැතුව ජනතාව අසරණ වෙලා සිටිනව.මේ බව ආණ්ඩුවට පෙන්නේ නෑ.   

වෙළෙඳ ඒ්කාධිකාරිය යටතේ ජනතාව පාගා තියන බව තවම ආණ්ඩුවට තේරුම් ගෙන නෑ. මේ සම්බන්ධයෙන් වසරකට වඩා ආණ්ඩු කලා මේ පාලකයන් මේ සඳහා නිසි මැදිහත් වීමක් දක්වා නැති බව කියන්න කැමැතියි. මේ ආණ්ඩුවේ නොහැකියාව මේ අනුව දැක්විය හැකියි.

වැටුණු රට ගොඩ නගංන්න කටයුතු කරන බව කියමින් බලයට පත් වු ආණ්ඩුව තවම නිසි මඟකට පැමිණ නෑ. රටේ ආර්ථික අර්බුදය විසදන්නට මේ පාලකයන්ට හැකියාවක් නෑ. අප පක්ෂය මේ නිසා වහා ජනතාවට සහන දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.

වම වම කිය කියා වමේ මාවතට යන බව කියමින් බලය ලබාගත් ආණ්ඩුව අන්ත දක්ෂිණ මාඟකට ගමන් කිරීම අප පක්ෂය හෝ මේ රටේ ජනතාව කිසිදු ආකාරයට අනුමත කරන්නේ නැති බව ද හෙතෙම කීය.

Share.
Leave A Reply