කොළඹ (2026 ජනවාරි 19): ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර වී තිබූ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජයේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කරමින්, ජපන් ආධාර යටතේ අඹගමුව – කන්දෙකුඹුර මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (18) දින ආරම්භ විය.
ව්‍යාපෘති පසුබිම සහ මූල්‍ය ප්‍රතිපාදන
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන “නැගී එන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය” (RIDEP) යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත් ආවරණය කරයි.
මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18 කට අධික මුදලක් වෙන් කර ඇති අතර, ඒ යටතේ අතරමග නැවතී තිබූ උප ව්‍යාපෘති 75 ක කටයුතු වේගවත්ව අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.
ඌව පළාතේ සංවර්ධන කටයුතු
ඌව පළාත තුළ පමණක් රුපියල් බිලියන 03 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ව්‍යාපෘති 18 ක් ක්‍රියාත්මක වේ. මීට මාර්ග කොන්ත්‍රාත් 12 ක්, වාරි කර්මාන්ත 02 ක් සහ පානීය ජල යෝජනා ක්‍රම 04 ක් ඇතුළත් වේ.
අඹගමුව – කන්දෙකුඹුර මාර්ගය: බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 3.3 ක දුරකින් යුත් මෙම මාර්ගය රුපියල් මිලියන 270 කට අධික වියදමකින් සංවර්ධනය කෙරේ. මෙහි විශේෂත්වය වන්නේ අධි බෑවුම් සහිත වංගු සඳහා කොන්ක්‍රීට් අතුරා සෙසු කොටස් කාපට් අතුරා (Carpet) නවීකරණය කිරීමයි.
අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති
මෙම වැඩසටහන යටතේ ඌව පළාතේ තවත් මාර්ග රැසක් සහ යටිතල පහසුකම් සංවර්ධනය වීමට නියමිතය:
මාර්ග සංවර්ධනය: මීගහකිවුල, බදුල්ල, ලුණුගල, සියඹලාණ්ඩුව, බඩල්කුඹුර, හාලි ඇළ, සොරණාතොට, මොණරාගල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ කන්දෙකැටිය යන ප්‍රදේශවල මාර්ග රැසක් මෙයට ඇතුළත් වේ.
වාරි කර්මාන්ත: මඩුල්ල සහ බඩල්කුඹුර ප්‍රදේශවල කුඹුරු හෙක්ටයාර 200 ක් අස්වැද්දීමට දුම්මල ගස් ආර අමුණ සහ කෝන්ගහවෙල වැව ද, හල්දුම්මුල්ල ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර 120 ක් සඳහා දඩයම් පොළ ඇළ ඇතුළු ඇළ මාර්ග පද්ධති ද සංවර්ධනය කෙරේ.
පානීය ජලය: බඩල්කුඹුර, ඇල්ල සහ කන්දෙකැටිය ප්‍රදේශවල පවුල් 2,500 කට පමණ පානීය ජලය සැපයීමේ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක වේ.
සමාරම්භක උත්සවය
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ විය. ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර සහ පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම මාර්ග පද්ධති සංවර්ධනය වීමෙන් ප්‍රදේශවාසීන්ට ගමන් පහසුව සැලසීම පමණක් නොව, ඉන්ධන සහ වාහන නඩත්තු වියදම් අවම කර ගැනීමටත්, ප්‍රාදේශීය නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.
————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

