මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ස්වභාවික ව්‍යසනයෙන් පසු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ දැඩි ඇගයීමට ලක්ව තිබේ. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්වුණු ප්‍රථම “ගෝළීය රැකවරණය සළසන්නන්ගේ සමුළුව 2026” දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් එහි සිටි රාජ්‍ය නායකයින් සහ විෂය ප්‍රවීණයන් මෙලෙස සිය ප්‍රසාදය පළ කර ඇත.

 

ආපදා තත්ත්වයෙන් පසු මානසික සුවය තහවුරු කිරීම

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට රජය “Rebuilding Sri Lanka” ප්‍රවේශය ඔස්සේ කටයුතු කරන බවයි. ඊට සමගාමීව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් “Healing Sri Lanka” නමින් නව සංකල්පයක් හඳුන්වා දී ඇති අතර, ඒ හරහා පවුල්වල සාමාජිකයින්ගේ මනෝ-සමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීම සිදු කෙරේ.

 

මෙම වැඩපිළිවෙළේ විශේෂතා කිහිපයකි:

දෙමාපියන් ඇතුළු රැකවරණය සළසන්නන් මුහුණ දෙන මානසික කම්පනයන් සුවපත් කිරීම.

 

දරුවන්ට උසස් මට්ටමේ පවුල් පාදක රැකවරණයක් සැළසීම තහවුරු කිරීම.

 

මෙය දැනට ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම.

 

මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් නව පියවර

සමුළුවේ සමාප්ති සැසිය සඳහා සාකච්ඡා මණ්ඩප සාමාජිකාවක ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් ජාතික වැඩසටහන් පිළිබඳවද කරුණු අනාවරණය කළාය. ඒ අතර:

 

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ “Step-Up” සන්නිවේදන වැඩසටහන.

 

2027 වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දීම සහ ගුරුවරුන් 19,000කට විධිමත් පුහුණුව ලබා දීම.

 

2025-2029 කාලය සඳහා වූ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම.

 

ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක පස් අවුරුදු වැඩසටහන.

 

සමුළුව පිළිබඳ පසුබිම

ස්පාඤ්ඤයේ ලෙටීසියා මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 15 සහ 16 දෙදින පුරා පැවති මෙම සමුළුව යුනිසෙෆ් (Unicef), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ LEGO Foundation එක්ව සංවිධානය කර තිබුණි. ලොව පුරා රැකවරණය සළසන්නන් සහ දෙමාපියන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගීතා රාමුවක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

 

මෙම සංචාරය සඳහා අමාත්‍යවරිය සමඟ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යාපන නිලධාරී ශශිකලා සුමුදු කුමාරි රත්නායක යන මහත්මීන් ද එක්ව සිටියහ.

———————————————
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 
(Certificate in Introductory Media Communication Ethics) 
https://newsandimage.org/media-studie..

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක 

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
 


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply