මහනුවර: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද (17) පෙරවරුවේ මහනුවර දී අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
මෙහිදී අමාත්‍යවරුන් පළමුව අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අතර , අනතුරුව මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියහ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වත්මන් කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සිදු විය.
‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ දීප ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව්‍ය සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ”ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කළේය.
පසුබිම: පසුගිය වසරේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මධ්‍යස්ථාන 05ක් දැනට සාර්ථකව ක්‍රියාත්මක වේ.
දෙවන පියවර: මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලබන ජනවාරි 24 වනදා ආරම්භ කිරීමට නියමිතය.
ඉලක්කය: මෙම වසර තුළදී මෙවැනි මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට අපේක්ෂිතය.
අනාගත සැලසුම: ඉදිරි වර්ෂ දෙකහමාර තුළ මෙම මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කෙරේ.
ප්‍රතිලාභ: බෝ නොවන රෝග වළක්වා ගැනීම සහ ප්‍රධාන රෝහල්වල පවතින තදබදය අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම වැඩසටහන සඳහා ආයුර්වේද ක්ෂේත්‍රය ද ඒකාබද්ධ කරගැනීම පිළිබඳව මහානායක හිමිවරුන් සිය ප්‍රසාදය පළ කළහ.
රෝහල් පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව ව්‍යාපෘති
රටේ රෝහල් පද්ධතියේ පවතින ගැටළු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
නව හෘද රෝහල: කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ බිලියන 12කට අධික පිරිවැයකින් අංග සම්පූර්ණ නවීනතම හෘද රෝහලක් ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.
අතරමග නතර වූ ව්‍යාපෘති: රජයේ ප්‍රධාන රෝහල්වල අතරමග නැවතී තිබූ ව්‍යාපෘති 62ක් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
දඹුල්ල සහ වත්තේගම රෝහල්: දඹුල්ල මූලික රෝහල නවීන පහසුකම් සහිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත්, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ වත්තේගම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇත.
ප්‍රතිසංස්කරණ: සුළි කුණාටුවෙන් හානි වූ හලාවත සහ මහියංගනය ඇතුළු රජයේ රෝහල් 06ක් දේශීය හා විදේශීය ආධාර මත ප්‍රතිසංස්කරණය කෙරේ.
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
ඉන්දියාවෙන් මෙරටට වැඩම කරවීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා ලබන පෙබරවාරි 04 වනදා සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරෙන බව ද මෙහිදී අනාවරණය විය.
මීට අමතරව අධ්‍යාපන, සංචාරක, භෞතික සැලසුම් සහ ආගමික කටයුතු පිළිබඳව ද අමාත්‍යවරු මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. වත්මන් අමාත්‍යවරුන් ලබාදෙන නායකත්වය සහ කාලීන ගැටළු විසඳීමට ගන්නා උත්සාහය මහානායක හිමිවරුන්ගේ ඇගයීමට ලක් විය.
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

