එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හොත් විදුලි බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයින්ට ගෙවිය යුතු මුදල් පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීම නීතිවිරෝධී බව ද ඔහු අවධාරණය කළේය.

එම කැබිනට් තීරණය ඉල්ලා අස්කර නොගතහොත් නීතිගත මාර්ගයට යොමුවන බව ද ඔහු අනතුරු ඇඟවීය.

2026 ජනවාරි මාසයට අදාළව විදුලි බිල් සංශෝධනය හකුලා ගැනීම “අපායේ ඉන්ටවල් එකක්” වැනි බව පවසන සංජීව ධම්මික මහතා, පෙබරවාරි 13 වනදායෙන් පසු එළඹෙන පෙම්වතුන්ගේ දිනයට විදුලි බිල දෙගුණ, තෙගුණ වශයෙන් ඉහළ දැමෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේ ය.

ආණ්ඩුවේ ජාතික විදුලි බල ප්‍රතිපත්තිය පිළිබඳ ජනතාවට කිසිදු ප්‍රමාණවත් දැනුවත් කිරීමක් නොමැති බවත්, එය රහසිගතව ක්‍රියාත්මක කරන “වහල ගහන ගේමක්” බවත් ඔහු චෝදනා කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් විපක්ෂය සමඟ වහා කතිකාවතක් ඇති කළ යුතු බවත්, සංගමයක් ලෙස විපක්ෂය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා ලිපියකින් විදුලි බිල වැඩිවීම සියයට 11.57ක් ලෙස පෙන්වා, වගුවකින් සියයට 18ක් දක්වා ඉහළ දැමීමට කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම වහා සොයා බැලිය යුතු බවත්, එසේ නොකළහොත් කොමිසමද එයට හවුල් වන බවත් ඔහු සඳහන් කළේය.

විදුලි බල ප්‍රතිසංස්කරණ මුවාවෙන් දූෂණ හා වංචා වළලා දැමීමට උත්සාහයක් පවතින බව පවසමින්, වත්කම් පැවරීමෙන් පසුව වුවද මෙම සියලු කරුණු රාජ්‍ය විගණනයට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය වහා තීරණය කළ යුතු බව ද ඔහු පැවසීය.

කාර්තුවෙන් කාර්තුව විදුලි මිල සංශෝධනය කිරීම ප්‍රායෝගික නොවන බවත්, නියමිත කාලයට අවශ්‍ය දත්ත ලබාදීමට අමාත්‍යවරයා, මණ්ඩලය සහ උපදේශකයින් අසමත් වී ඇති බවත් ඔහු කියා සිටියේය.

පෙට්‍රල් හෝ භූමිතෙල් මිල වැඩි කරන ආකාරයට විදුලි බිල සංශෝධනය කළ නොහැකි බවත්, එමඟින් කිසිදු ආයතනයකට අයවැයක් හෝ ව්‍යාපාර සැලසුමක් සකස් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

ඒ අනුව විදුලි මිල සංශෝධනය වසරකට දෙවරක් පමණක් සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය පිළිබඳ රජයේ විගණනය අසාර්ථක බවත්, විදුලි ගාස්තු තීරණය කිරීම ද වැරදි බවත් ඔහු චෝදනා කළේය.

ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම (LNG) යන නාමයෙන් ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම, ගල් අඟුරු ගනුදෙනු, ස්වේච්ඡා විශ්‍රාම ගෙවීම්, සොබා දනවි ගිවිසුම සහ පාරිභෝගික තැන්පතු පොලිය වැනි කරුණු නිසි ලෙස විගණනයට ලක් කර නොමැති බව ද ඔහු පැවසීය.

දේවල් සිදු වූ පසු විගණනය කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව පවසමින්, එවිට ජනතාව මුදල් ගෙවා අවසන් වී ඇති බවත්, ගල් අඟුරු ගනුදෙනුව එයට හොඳ උදාහරණයක් බවත් ඔහු සඳහන් කළේය.

විගණකාධිපතිගේ බිරිඳ විදුලි බල මණ්ඩලයේ සේවය කිරීම හේතුවෙන් දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට ද ඔහු චෝදනා කළේය.

එසේම, පාර්ලිමේන්තු කාරක සභාවල කටයුතු පිළිබඳ කිසිදු පැහැදිලිත්වයක් නොමැති බවත්, වසර පුරා විදුලිය සම්බන්ධයෙන් කතා කරන පාරිභෝගික සංගම් ඒ සඳහා කැඳවා නොමැති බවත් ඔහු පැවසීය.

ආංශික කාරක සභාවලට සංගම් කැඳවන්නේ නැත්තේ සත්‍යය පැහැදිලිව ප්‍රකාශ කරන නිසාද යන්න ප්‍රශ්නයක් බවත්, මේ පිළිබඳ විපක්ෂය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් සංජීව ධම්මික මහතා අවධාරණය කළේ ය.

Share.
Leave A Reply