අඩු විදුලි භාවිතයට දඬුවමක්ද? ස්ථාවර ගාස්තු රු. 2100 දක්වා ඉහළට!
දුප්පතුන්ට බර, ධනවතුන්ට සහන – නව විදුලිබල ප්‍රතිපත්තිය රටම දෙකඩ කරයි!
ඒකක 30ටත් රු. 2100ක්? විදුලි බිලෙන් වඩා ස්ථාවර ගාස්තු ඉහළ යන අවදානම!
විදුලි බිල උඩු යටිකුරු කරන ජාතික ප්‍රතිපත්තියක්ද? ජනතාවට බරපතළ අනතුරු ඇඟවීමක්!
විදුලිය අරක්කු වගේ වෙයිද? අඩු භාවිතයට වැඩි බිලක් ගහන නව ප්‍රතිපත්තිය
සමෘද්ධිලාභියාට 350%ක බිල ඉහළට – ජාතික විදුලිබල ප්‍රතිපත්තියට විරෝධය
දුප්පත්ගේ බිල ඉහළට, ධනපතිගේ බිල පහළට – විදුලි ගාස්තු සමාජ අසාධාරණයක්ද!?
ජාතික විදුලිබල ප්‍රතිපත්තියෙන් ස්ථාවර ගාස්තු රු. 2100 දක්වා ඉහළ යා හැකි බව අනතුරු ඇඟවීමක්!
කාල පදනම් විදුලි ගාස්තු සමඟ ජනතාවට අලුත් බරක් – විදුලි පාරිභෝගික සංගමය අනතුරු අඟවයි!.
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් විදුලි පාරිභෝගිකයගේ ස්ථාවර ගාස්තු රුපියල් 2100 දක්වා ඉහළ යා හැකි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සවසයි.
ආණ්ඩුව යෝජනා කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවහොත් විදුලි බිලට වඩා ස්ථාවර ගාස්තු විශාල ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.
එම ප්‍රතිපත්තිය අනුව විදුලි පාරිභෝගික ලක්ෂ 72කට වියදම් සමසේ බෙදා හැරීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත්, විදුලි බිලට වඩා ස්ථාවර ගාස්තු ඉහළ යන තත්ත්වයක් උද්ගත වන බව ඔහු අප කළ විමසුමකදී සඳහන් කළේය.
දැනට ඒකක 30ට අඩුවෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයන්ගේ මාසික බිල රුපියල් 215ක් පමණ වන නමුත්, යෝජිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් එම මුදල රුපියල් 870 දක්වා ඉහළ යා හැකි අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 2100 දක්වා පත්විය හැකි බව ද ඔහු පැවසීය.
ඒ අතර, මාසිකව ඒකක 500කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන අධි පරිභෝජන පන්තියේ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 45කින් පමණ අඩුවන අතර, සමෘද්ධිලාභීන් වැනි අවම පරිභෝජනයක් සිදු කරන පිරිසගේ බිල සියයට 350කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවද සංජීව ධම්මික මහතා කියා සිටියේය.
මෙම ප්‍රතිපත්තිය යටතේ කාල පදනම් මිල ගණනය කිරීමේ ක්‍රමවේදය (Time of Use Method) ක්‍රියාත්මක වීමට නියමිත අතර, සවස 5.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක මිල රුපියල් 67ක් දක්වා ඉහළ යනු ඇත. එසේම, රාත්‍රී 10.30න් පසු ඒකකයක මිල රුපියල් 21ක් වන බව ද ඔහු සඳහන් කළේය.
මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුවහොත් රට තුළට නව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අපහසු වන බව ද, රට තුළ ස්ථාවර හා විශ්වාසනීය ප්‍රතිපත්තියක් නොමැති වීම එයට ප්‍රධාන හේතුව වන බව ද සංජීව ධම්මික මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

