දැයට කිරුළ නාමයෙන් මහා වංචාවක් – මිලියන 700කට ආසන්න මුදල් අතුරුදන්

ජාතික ප්‍රදර්ශන දෙකකින් රුපියල් මිලියන 700ක දූෂණයක්? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

🔴

දැයට කිරුළ ප්‍රදර්ශනවල වංචා: මිලියන 700ක දූෂණ චෝදනා

2012–2013 දැයට කිරුළ ප්‍රදර්ශනවල රාජ්‍ය මුදල් වංචා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දැයට කිරුළෙන් දූෂණ කිරුළක්? මිලියන 700ක වංචා චෝදනා

🔴

දැයට කිරුළ කාටද? මිලියන 700ක රාජ්‍ය මුදල් කොහෙද ගියේ

ජාතික ප්‍රදර්ශන නාමයෙන් මහා දූෂණයක්ද?

දැයට කිරුළේ ගිණුම් වැසී ගියේ කාගේ අතින්ද?

දැයට කිරුළ හරහා රුපියල් මිලියන 700 හොර කිරුළකට දමාගත් ශිරන්ති රාජපක්ෂ ඇතුලු මැති ඇමතිවරන්ට ලේකමාලාට  වැඩ වරදියි!

අනුරාධපුර, අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන ‌දෙකකදී රුපියල් මිලියන 700කට ආසන්න මුදල් වංචාවක් පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2012 වර්ෂයේ අනුරාධපුර ඔයාමඩුව සහ 2013 වර්ෂයේ අම්පාර හාඩි විද්‍යාලයේ පැවැත්වූ “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශන සම්බන්ධයෙන් රුපියල් මිලියන 700කට ආසන්න රාජ්‍ය මුදල් වංචා හා දූෂණ සිදුව ඇති බව සඳහන් කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඊයේ (12) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කියා සිටියේ, 2012 සහ 2013 වර්ෂවල පැවති මෙම ජාතික ප්‍රදර්ශනවලදී සිදු වූ බවට සැක පවතින බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බවයි.

ඔහු පැවසූ පරිදි, 2012 අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 630ක් වෙන් කර ඇති අතර, වර්ග අඩි 100,000ක ගබඩාවක් ඉදිකිරීමට පමණක් රුපියල් මිලියන 200ක් වැය කර ඇති බවයි.

එයට අමතරව පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 65ක් සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවලින් රුපියල් මිලියන 95ක් ලැබී තිබෙන බව ගිණුම් දත්ත වල සඳහන් බව ද ඔහු කීය.

මෙම ප්‍රදර්ශනයට අදාළ මුළු ලැබීම් රුපියල් මිලියන 990ක් ලෙස සටහන්ව ඇති අතර, ගිණුම්ගත මුළු වියදම රුපියල් මිලියන 733.8ක් බවත්, ඒ අනුව රුපියල් මිලියන 256කට ආසන්න මුදලක් පිළිබඳ පැහැදිලි කිරීමක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

වෙළඳ කුටි 400–600ක් පමණ ඉදි කර තිබියදී ඒවායෙන් ලැබූ ආදායම් ගිණුම්ගත නොවීමද බරපතල කරුණක් ලෙස පෙන්වා දුන් ඔහු එමඟින් රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වංචා වී ඇති බව සඳහන් කළේ ය.

2013 වර්ෂයේ අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සම්බන්ධයෙන්ද මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 130ක්, රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවලින් රුපියල් මිලියන 157ක් ලැබී ඇති අතර, වෙළඳ කුටි අලෙවිය සහ විනෝදාත්මක ක්‍රීඩා බදු දීමෙන් රුපියල් මිලියන 10.9ක් ආදායම් ලෙස සටහන්ව ඇතැයි ද ඔහු පැවසීය.

එහෙත් වෙළඳ කුටි සම්බන්ධයෙන් රුපියල් මිලියන 25කට ආසන්න මුදලක් ගිණුම්ගත නොවී ඇති අතර, සමස්ත වශයෙන් රුපියල් මිලියන 200කට ආසන්න වංචාවක් සිදුව ඇති බව පෙන්වා දිය හැකි බව ද සඳහන් කළේය.

මෙම වංචා සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්, සම්බන්ධීකරන ලේකම්වරුන්, සහ උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් සම්බන්ධ වී ඇති බවට සැක පවතින බවත්, ඒ අතර හිටපු ඇමති රංජිත් සියඹලාපිටිය, ශිරන්ති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ තවත් හිටපු උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම්ද පැමිණිල්ලේ සඳහන් බවත් ඔහු කීය.

මෙම සියලු පාර්ශවවලට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදු කර වංචා කළ මුදල් නැවත රජයට අයකර ගැනීමටත්, නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීමටත් කටයුතු කරන ලෙස ඉල්ලමින්, අදාළ ලේඛන සහ ගෙවීම් වාර්තා සියල්ල තමන් සතුව ඇති බව ද ජාමුනි කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply