ශ්‍රී ලාංකීය නිමි ඇඳුම් අපනයනකරුවන්ට බ්‍රිතාන්‍යයෙන් සුබ පුවතක්: ජනවාරි 1 සිට තීරු බදු සහන සහ ලිහිල් කළ රීති බලාත්මකයි!
📌️එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වෙළඳ වැඩසටහනට අදාළ තීරු බදු ප්‍රතිසංස්කරණ දැනට බලාත්මක වී ඇති බව.
📌️මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ නිමිඇඳුම් අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක් දක්නට ලැබෙනු ඇති බව
ගෝලීය වෙළඳපොළෙන් 100% අමුද්‍රව්‍ය ලබා ගන්නා බව.
📌️ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සියලුම නිමිඇඳුම් සඳහා එක්සත් රාජධානියේ වෙළඳපොළ ලෙස මින් පෙර නොවූ ප්‍රවේශයක් ලබා ගන්නා බව.
📌️ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන පිරිසැකසුම් දෙකක් අනිවාර්යෙන්ම කළ යුතු බව නීතිය වුවත් දැන් යෙදවිය යුතු පිළිසැකසුම් අවශ්‍යතා ලෙස දක්වා ඇත්තේ ස්වල්පයක් බව.
📌️ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සියලු නිෂ්පාදන සඳහා ආසියානු රටවල් 18 සමුච්චිත සමූහයක් ස්ථාපනය කිරීමද ලිහිල් කළ නීති වලට ඇතුළත් වන බව.
📌️මෙරට නිමිඇඳුම් සඳහා දෙවනුවට විශාලතම වෙළඳපළක් ඇත්තේ එක්සත් රාජධානියේ බව.
📌️එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර්මිලියන 675ක් බවත්.
📌️මෙම වැඩ පිළිවෙළ ඔස්සේ මිනියදුම් අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යෑමකට ලක් වනු ඇති බවත්.
මෙම වෙනස්කම් සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ නිමි ඇඳුම් නිෂ්පාදකයන්ගේ සම්මේලන සැසිය ද ඇතුළු, බොහෝ ව්‍යාපාර සහ රටවල් මගින් ඉදිරිපත් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවනුවට විශාලතම වෙළඳ පළක් ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 675ක් වුවත්, මෙම නව වැඩපිළිවෙළ යටතේ නිමි ඇඳුම් අපනයනය කැපීපෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කලාපීය සහයෝගීතාව සහ නව අවස්ථා
ලිහිල් කළ රීතිවලට අනුව, ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අනෙකුත් සියලු නිෂ්පාදන සඳහා ආසියානු කලාපීය රටවල් 18ක සමුච්චිත සමූහයක් ද ස්ථාපනය කර ඇත. මෙහි ප්‍රධාන ප්රතිලාභ කිහිපයකි:
කලාපීය හවුල්කරුවන්ගෙන් අමුද්‍රව්‍ය ලබා ගනිමින් තීරු බදු සහන පවත්වා ගැනීම.
90%කට වඩා වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් තීරු බදු රහිත වර්ගීකරණයට ඇතුළත් වීම.
ගෝලීය සැපයුම් දාමයන් සමග තරගකාරීව සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම.
බලධාරීන්ගේ අදහස්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ප්‍රකාශ කළේ, මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ අපනයන විවිධාංගීකරණයට බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය අඛණ්ඩව හිමි වන බවයි. බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාරික ගනුදෙනු සඳහා වූ සභාවේ (CBB) සභාපති මාර්ක් සර්ජනර් මහතා ද මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව සිය දැඩි උනන්දුව පළ කර සිටියේය.
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: LOKU NARANGODAGE YETHMI NEHARA

