කම්කරු දෙපාර්තමේන්තුව | DEPARTMENT OF LABOUR
පාලන ශාඛාව | Administration Branch
මාධ්‍ය නිවේදනය
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්වය මත ගම්පොල කම්කරු කාර්යාලය පවත්වාගෙන යාමට නොහැකි ලෙස අවධානම් තත්වයක පවතී. එම නිසා, ගම්පොළ පී.බී.පාන බොක්ක මාවතේ 6271 ලිපිනයෙහි පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවට අයත් ගම්පොළ කම්කරු කාර්යාලය 2026.01.09 දින සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන අතර, ගම්පොළ කම්කරු කාර්යාලයෙන් ලබාගත් මහජන සේවාවන් ලබාගැනීම සඳහා මධ්‍යම කලාපය තුළ පිහිටි අනෙකුත් කම්කරු කාර්යාල වෙත යොමු වන ලෙස සේවාලාභීන් වෙත කාරුණිකව දැනුම් දෙමි.
සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන අතර එම කම්කරු කාර්යාලය ගම්පොළ නගරාසන්නයේ ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වැඩිදුරටත් කාරුණිකව දැනුම් දෙමි.
කම්කරු කොමසාරිස් ජනරාල්
කම්කරු දෙපාර්තමේන්තුව
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
https://newsandimage.org/media-studie...
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: SAMARAKOON MUDIYANSELAGE KAVINDU LAKSHAN

