වෘත්තීය, ආධුනික සහ මහජන ඡායාරූප ශිල්පීන් සඳහා කෙරෙන ජාතික ආරාධනයක්!

දිත්වා සුළි කුණාටුවෙන් එල්ල වූ අභියෝගය සහ අපේ ජනතාව ඉන් යළි ගොඩනැඟුණු ආකාරය පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාවක්” සැකසීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ඔබ වෙත ඇරයුම් කර සිටියි.

ඔබේ කැමරා කාචයේ සටහන් වූ ඒ සුවිශේෂී නිමේෂයන් හෙට දවසේ ඉතිහාසය වෙනුවෙන් සංරක්ෂණය කිරීමට අප හා එක්වන්න.

📸 ඡායාරූප සඳහා වන තේමාවන්:

ව්‍යසනයේ බලපෑම: සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ ජන ජීවිතය අඩාල වූ ආකාරය.

සහන සේවා: පීඩාවට පත් වූවන්ට සහන සැලසූ උදාර මානුෂීය මෙහෙයුම්.

සාමූහික ශක්තිය: ජාති, ආගම් භේදයකින් තොරව එකිනෙකාට උදව් කරමින් යළි නැගී සිටි මොහොත.

ප්‍රතිසංස්කරණය: අවතැන් වූ ජීවිත සහ පරිසරය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය.

🌟 ඔබේ නිර්මාණයට ලැබෙන ඇගයීම:

නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වෙන ප්‍රදර්ශනය: තෝරාගනු ලබන ඡායාරූප 2026 පෙබරවාරි 13 සිට 17 දක්වා ප්‍රදර්ශනය කෙරේ.

නිල ඡායාරූප ග්‍රන්ථය: රජය මගින් ප්‍රකාශිත විශේෂ සමරු ග්‍රන්ථයට ඇතුළත් වීම.

ඩිජිටල් සංරක්ෂණය: ඔබගේ නම සහ නිර්මාණ අයිතිය සහිතව ජාතික මාර්ගගත දෘශ්‍ය ලේඛනාගාරයට එක් කිරීම.

📩 ඡායාරූප ඉදිරිපත් කළ යුතු ආකාරය:

අවසාන දිනය: 2026 ජනවාරි 16

WhatsApp: +94 71 985 9461

වෙබ් අඩවිය: www.regeneration.gov.lk

විද්‍යුත් තැපෑල: pmdphotoal@gmail.com

ලිපිනය: ඡායාරූප ඒකකය, ජනාධිපති මාධ්‍ය අංශය, 4 වන මහල, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01.

සටහන් කළ යුතු තොරතුරු: ඡායාරූප ශිල්පියාගේ නම, ස්ථානය (ගම/නගරය/දිස්ත්‍රික්කය), දිනය සහ ඡායාරූපය පිළිබඳ කෙටි විස්තරයක්.

⚠️ වගකීම් සහගත ඡායාරූපකරණය පිළිබඳ මතක් කිරීමක්:

ඔබ ඉදිරිපත් කරන ඡායාරූප මගින් කිසිදු පුද්ගලයෙකුට හෝ ප්‍රජාවකට අගෞරවයක් නොවිය යුතුය. විශේෂයෙන්ම ජීවිත අහිමි වීම්, තුවාල ලැබූවන් හෝ කුඩා දරුවන්ගේ ඡායාරූප ඉදිරිපත් කිරීමේදී මානව ගරුත්වය සුරැකීමටත්, අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත සහිතව කටයුතු කිරීමටත් කාරුණික වන්න.

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 
(Certificate in Introductory Media Communication Ethics) 
https://newsandimage.org/media-studie..
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක 
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply