මගී ජීවිත රැකීමට ලංගම රියදුරන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ
බස් රියට මත්ද්‍රව්‍ය නැහැ – ලංගමෙන් නව පියවරක්
මගී ආරක්ෂාව ඉලක්ක කරගත් ලංගම මත්ද්‍රව්‍ය වැටලීම් අදින්
ලංගම රියදුරන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ
මත්ද්‍රව්‍ය රහිත බස් සේවයක් සඳහා නව මෙහෙයුමක්
බස් රියට මත්ද්‍රව්‍ය තහනම්
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන ලංගම රියදුරන් වැටලීම අද මට්ටක්කුලියෙන් ඇරඹේ
පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) රියදුරු සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී ආරම්භ කෙරිණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එම ආයතනයට අයත් ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් භාවිත කරමින් සිදුකරන ලදී. ඩිපෝවට අයත් රියදුරු සහ කොන්දොස්තරවරුන්ගෙන් මුත්‍රා සාම්පල ලබාගෙන, ඔවුන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිද යන්න විනාඩි 10ක් ඇතුළත හඳුනාගැනීමට හැකි බවද සඳහන් වේ.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පැවසුවේ, පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් මත්ද්‍රව්‍ය වලින් තොර කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි. එමඟින් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කරගත හැකි බවත්, අද දිනයේදී ගංජා, අයිස්, බාබුල් සහ හෙරෝයින් යන මත්ද්‍රව්‍ය හතරක් පරීක්ෂා කළ හැකි කට්ටල භාවිත කළ බවත් ඇය පැවසුවාය. ඉදිරියේදී මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) සේනාධීර මහතා පැවසුවේ, මෙම පරීක්ෂණ වැඩසටහන ලංගමයෙන් ආරම්භ කිරීම ඉතා වැදගත් පියවරක් බවයි. මෙය ආදර්ශයක් කරගෙන ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් තොර විනීත රියදුරන් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය. මෙම කර්තව්‍යයට ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගෙන ඇති පියවර අගය කරන බවද ඔහු කියා සිටියේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු, පර්යේෂණ හා සංවර්ධන) ඉන්දික චන්දිමාල් මහතා ඇතුළු ශ්‍රීලංගම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ

