සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධයෙන් මේ වන විට පළ වෙමින් පවතින ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්, එම අරමුදලේ ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

 

පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිනී ඕෂණී උමන්ගා හපුආරච්චි මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමන් දැක්වූ අදහස් ඇතැම් මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළ ප්‍රධාන කරුණු මෙසේය:

 

ප්‍රතිලාභ ගෙවීම: සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සේවයෙන් විශ්‍රාම යාමේදී ඔවුන්ට හිමි ප්‍රතිලාභ පෙර පරිදිම ලබා ගැනීමට හැකි වන අතර, එහි කිසිදු වෙනසක් සිදු නොවේ.

 

විශ්‍රාම වැටුප් යෝජනාව: EPF සාමාජිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබුණද, ඒ පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැත.

 

තීරණ ගැනීමේ ක්‍රියාවලිය: මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන්නේ රජය, වෘත්තීය සමිති සහ ලංකා හාම්පුතුන්ගේ සංගමය නියෝජනය වන “ජාතික කම්කරු උපදේශක සභාව” සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පමණක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු එකිනෙකට වෙනස් අරමුණු දෙකක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත්, ඉන් EPF අරමුදලේ මූලික අරමුණ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම බවත් එහිදී පැහැදිලි කෙරිණි.

 

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන

(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studie..

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply