නුවර – යාපනය පාරේ උමං මාර්ගයක්: මහයියාව දුම්රිය මාර්ගය යටින් කොන්ක්‍රීට් උමං මාර්ගයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 699.58කට එන්.ඊ.එම්. කන්ස්ට්‍රක්ෂන් ආයතනයට ලබා දෙයි.

 

පොලිසියට අලුත් නිවාස: කොළඹ 13, Cyril C. Perera මාවතේ පිහිටි ‘Harbour View Residencies’ ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් පොලිස් නිලධාරීන් සඳහා මිලදී ගැනීමට අනුමැතිය.

 

අපනයන බෝග වගාකරුවන්ට සහන: කාලගුණික විපර්යාස හේතුවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරාබුනැටි වගාවන් යළි ඇති කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000/- ක උපරිමයකට යටත්ව සහන ලබා දීමට සහ බීජ නොමිලේ ලබා දීමට තීරණය විය.

 

නව ලොතරැයි පනතක්: වසර 62ක් පැරණි ජාතික ලොතරැයි මණ්ඩල පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක 

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 
(Certificate in Introductory Media Communication Ethics) 
https://newsandimage.org/media-studie..

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply