රජයේ රෝහල් පද්ධතිය තුළ රෝග විනිශ්චය සඳහා පවතින දැඩි ඉල්ලුම සලකා බලා, CT ස්කෑන්, MRI සහ රුධිර පරීක්ෂණ වැනි සේවාවන් රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

දිගු පොරොත්තු ලේඛන හේතුවෙන් රෝගීන් මුහුණ දෙන අපහසුතා මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව, රජයේ රෝහල් 80ක දැනට ක්‍රියාත්මක රුධිර කාන්දු පෙරණ (Hemodialysis) සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි විය. මෙහිදී සායනික අධීක්ෂණය රජය සතු වන අතර යන්ත්‍ර සූත්‍ර සහ නඩත්තු කටයුතු පුද්ගලික අංශය විසින් සිදු කරනු ලබයි.

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක 

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 
(Certificate in Introductory Media Communication Ethics) 
https://newsandimage.org/media-studie..

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply