වර්ෂ 2050 වන වට කාබන් විමෝචනය බිංදුව කිරීමත් ඇතුළු බලශක්ති අරමුණු ඉෂ්ට කිරීමට ගමන් කරන බව ද ඇමතිවරයා පැවසීය.
මෙහි දී ප්‍රධානතම කාර්ය භාරයක් හිමි ආයතනයක් ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මුහුණ දුන් විශාල ගැටළුවක් වූ සුදුසුකම් සහිත ඉංජිනේරු හිඟය මේවන විට විසදුම් දෙමින් පතින බවද හෙතෙම කීය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට සම්බන්ධවෙමින් හෙතෙම මේවන පකාශ කළේ ය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙසේ ද පැවසීය.
ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්ති තුළ පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව හිමි වන බවත්, එම ඉලක්ක සැපිරීමේදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වගකීම ඉතා විශාල යි.
මෙහිහිදී සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන්ගේ හිඟය බරපතල ගැටළුවක් ලෙස තම අවධානයට ලක් වූ බවත්,ඒ අනුව, ජනාධිපතිතුමාගේත්, කැබිනට් මණ්ඩලයේත් අනුමැතියෙන් මෙලෙස නව පත්වීම් සඳහා බඳවා ගැනීම සිදුකළ අතර, කිසිඳු දේශපාලන හිතවත්කම් හෝ වෙනත් තරාතිරම් නොසලකා සුදුසුකම් පමණක් සලකා මෙම පත්වීම් ලබාදුන්නා.
විදුලිබල ක්ෂේත්‍රයේ අරමුණු හඳුනාගෙන දැඩි කැපවීමකින් හා අධිෂ්ඨානයකින් මෙන්ම කාර්යක්ෂමව සේවයේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

