දෙනවා කී බෝනස් අපට උපමනායි. නැති නම් වැඩ කඩාකප්පල් කරනවා! ගුවන්තොටුපොළ සේවකයෝ පාරට බසිති!
මූලික වැටුප් පහක වටිනාකමකින් යුතු වසර අවසාන ප්‍රසාද දීමනාවක් ගෙවන ලෙස ඉල්ලා රටපුරා ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයෝ 3000 ක් නියෝජනය කරමින් 500 ක් පමණ පිරිසක් ඊයේ (29) කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ විරෝධතාවයක නිරත වූහ.
මෙම නියෝජනයට යාපනය, රත්මලාන, මඩකලපුව,හම්බන්තොට ආදී කොට ඇති රටපුරා ගුවන් සේවා සමාගමේ නියෝජනය ඇති වීම විශේෂත්වයක් වූහ.
මෙම විරෝධතාවයට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සාමාන්‍ය සේවක සංගමය, ප්රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මෙන්ම රජයට පක්ෂපාති සංගම්වල සාමාජිකයෝ සහභාගී වී සියිහ.
විරෝධතාකරුවන් අමතමින් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා පැවසුවේ සේවකයින්ට ඔවුන්ගේ මූලික වැටුප මෙන් දෙගුණයක් ප්‍රසාද දීමනාවක් ලෙස ලැබී තිබුණද, ගුවන්තොටුපළ සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 21 ක අති දැවැන්ත ලාභයක් තියනවා.
මේ නිසා අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක් අනුමත කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා. ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වීමෙන් සේවකයන් තම අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කිරීම ඇතුළු ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීමට හේතු විය හැකි බව ද හෙතෙම කීය.
කෙසේ නමුත් සමහර වෘත්තිය සංගම් ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ දීමනා ලබාදෙන බවට විස්වාසයක් ඇති බවත් මේ සඳහා රජයේ සැලකිල්ල යොමුවනු ඇති බවට විවාස කරන බවය.

