
අවධානයට: දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට – නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
කොළඹ: ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 දෙසැම්බර් 27 වන අද දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද එම වාර්තාවට අනුව මුහුදු ප්‍රදේශවල පවතින තත්ත්වය මෙසේය:
වැසි තත්ත්වය
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
සුළඟේ වේගය සහ දිශාව
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් (30-40) පමණ වේ.
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් (45-50) දක්වා ඉහළ යා හැකිය.
මුහුදේ ස්වභාවය
ඉහත සඳහන් කළ කොළඹ සිට මුලතිව් දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්ත වනු ඇත.
මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
සමග එරන්දි තත්සරා
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
