අද (27) කාලගුණ වාර්තාව: ප්‍රදේශ කිහිපයකට වැසි; තද සුළං සහ මීදුම් තත්ත්වයක් ගැනත් අනතුරු ඇඟවීම්

අද (27) කාලගුණ වාර්තාව: ප්‍රදේශ කිහිපයකට වැසි; තද සුළං සහ මීදුම් තත්ත්වයක් ගැනත් අනතුරු ඇඟවීම්

කොළඹ: 2025 දෙසැම්බර් 27 වන අද දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිවේදනයට අනුව ඉදිරි කාලගුණ තත්ත්වය මෙසේය:

වැසි තත්ත්වය

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

තද සුළං සහ මීදුම

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතේත්, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

අද උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ජනතාවට උපදෙස්

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
සමග කවීන් සමරකෝන්

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


Share.
Leave A Reply