
‘යුක්තිය’ මෙහෙයුම: ගතවූ පැය 24 තුළ සැකකරුවන් 691ක් අත්අඩංගුවට – ගංජා පැළ 15,000කට අධික ප්‍රමාණයක් වැටලීම් අතරේ
කොළඹ: රට තුළ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සහ අපරාධ මැඩලීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන “රටම එකට” යුක්තිය ජාතික මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ (දෙසැම්බර් 25 වනදා) දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 691 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වර්ග රැසක් සමඟ සැකකරුවන් හසුකරගෙන ඇති අතර, සිදුකරන ලද මුළු වැටලීම් සංඛ්‍යාව 696කි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්:
පසුගිය 25 වනදා සිදුකළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ:
හේරොයින්: ග්‍රෑම් 158 (වැටලීම් 181)
අයිස් (Ice): ග්‍රෑම් 531 (වැටලීම් 272)
ගංජා: කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 919
ගංජා පැළ: 15,794ක්
හෂීෂ්: ග්‍රෑම් 56
කුෂ් (Kush): ග්‍රෑම් 11
මාවා: ග්‍රෑම් 124
මත්පෙති: 210ක්
මදනමෝදක: ග්‍රෑම් 35යි මිලිග්‍රෑම් 130
සැකකරුවන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග:
අත්අඩංගුවට ගත් සැකකරුවන් 691 දෙනා අතරින් පුද්ගලයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. තවත් සැකකරුවන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම “රටම එකට” ජාතික මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම, ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අඛණ්ඩව සිදුකරන බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වාර්තාව සහකාර පොලිස් අධිකාරී, අධ්යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති වේදී එෆ්. යූ. වුට්ලර් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
