අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා විශේෂ මෙහෙයුම්: පුද්ගලයින් 29,000කට අධික පිරිසක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා විශේෂ මෙහෙයුම්: පුද්ගලයින් 29,000කට අධික පිරිසක් පරීක්ෂාවට

කොළඹ: පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (දෙසැම්බර් 25) දිනය තුළ පමණක් පුද්ගලයින් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

කොට්ඨාස මට්ටමින් සහ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්:

ඊයේ (25) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුම්වල ප්‍රතිඵල පහත පරිදි වේ:

පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් සංඛ්‍යාව: 29,539

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්: 493

අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින්: 15

අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන්: 267 (දිවා කාලයේ 179ක් සහ රාත්‍රී කාලයේ 88ක් ලෙස)

රථවාහන වැරදි සහ බීමත් රියදුරන්:

උත්සව සමය තුළ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ රථවාහන මෙහෙයුම්වලදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත:

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම: 322

අපරීක්ෂාකාරී රිය පැදවීම්: 36

රථවාහන සම්බන්ධ වෙනත් වැරදි: 4,414

මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, මහජන සාමය ආරක්ෂා කිරීම සහ අපරාධ මැඩලීම මෙහි මූලික අරමුණ බවත් සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වාර්තාව සහකාර පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති වේදී එෆ්. යූ. වුට්ලර් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


Share.
Leave A Reply