
2025 ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම ගාල්ල පැරෑලියේදී; දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්
2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් සහ ජනතාව ආපදා පිළිබඳව දැනුවත් කරමින් පවත්වනු ලබන “ජාතික සුරක්ෂිත දිනය” මෙවර දෙසැම්බර් 26 වන දින උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු යොදා ඇත.
ඓතිහාසික පසුබිම
2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගිය අතර 5,000කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එලෙසම බිලියන ගණනක දේපළ හානියක් ද සිදු විය. මේ හේතුවෙන් 2005 වසරේ අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් සෑම වසරකම දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
2025 ප්‍රධාන සැමරුම් උත්සවය
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර ඇත.
- දිනය: 2025 දෙසැම්බර් 26
- වේලාව: පෙරවරු 8.30 සිට 11.00 දක්වා
දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන්
මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ ආපදා අවස්ථාවන්හිදී ස්වයංව හා සාමූහිකව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේ “ෆෙන්ගල්” (Fengal) සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සරල මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට මෙවර විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙම උත්සවය හරහා 2004 සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදාවලින් මියගිය සියලු ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සිදු කෙරේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.dmc.gov.lk හරහා හෝ හදිසි ඇමතුම් අංක 117 (2136222 / 2670002) මගින් ලබාගත හැකිය.
මෙම පුවත් වාර්තාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ නිල නිවේදනය ඇසුරින් සකස් කරන ලද්දකි.
වාර්තාකරණය: මලීෂා කාවින්දුනි සමඟ මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

