2025 පාසල් වර්ෂය අවසන් වන දිනය සංශෝධනය වෙයි: 2026 නව පාසල් වාරය ජනවාරි 05 ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සංශෝධනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලූවැව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයට අනුව පාසල් නිවාඩු ලබාදීම සහ නැවත ආරම්භ කිරීම පහත පරිදි සිදු වේ:
2025 වර්ෂය අවසන් වන දිනය සහ නිවාඩු කාලය
සිංහල හා දෙමළ පාසල්: 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දිනෙන් අවසන් විය. ඒ අනුව එම පාසල් සඳහා නිවාඩු කාලය 2025.12.23 සිට 2026.01.04 දක්වා ක්‍රියාත්මක වේ.
මුස්ලිම් පාසල්: 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිතය. එම පාසල් සඳහා නිවාඩු කාලය 2025.12.27 සිට 2026.01.04 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
2026 නව අධ්‍යයන වර්ෂය ආරම්භය
දිවයිනේ සියලුම පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විභාග සහ අනෙකුත් වාර සටහන්
2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් මීට පෙර නිකුත් කරන ලද අංක 30/2025 දරන පාසල් වාර සටහනට අනුවම ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති පාසල් විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
වාර්තාකරණය: කවින් සමරකෝන් සමඟ මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

