හරි අපුරු උපන් දින සැමරුමක්!
40 වැනි උපන් දිනය සමරමින් ලක්ෂ 18 ක ප්‍රදානයක් – සිසුන් 2000 කට නවීන පන්නයේ වැසිකිලි පද්ධතියක්!
උපන් දින වියදම සමාජ සත්කාරයකට පරිවර්තනය කළ අපේ කාලයේ නීතිඥ
තාරක නානායක්කාර!
ගාල්ල දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ලක්ෂ 18 ක අගනා උපන් දින තෑග්ගක්!
උපන් දිනයෙන් උපන් අනාගතයට ආශීර්වාදයක්! නීතිඥ තාරක නානායක්කාරගෙන් රටට ම ආදර්ශයක්!
සිසු දරු දැරියන් 2000 කට සුවපහසු අධ්‍යාපන පරිසරයක් – නීතිඥ තාරක නානායක්කාරගෙන් දායකත්වය ලබා දෙයි!
උපන් දිනයෙන් සිසුන්ට ආලෝකයක්!
රුපියල් ලක්ෂ 18 ක මුදලක් වියදම් කර උපන් දින සමරුම වෙනුවට පාසල් ළමයින්ට තිළිණයක් තිළිණ කළ අපේ කාලයේ නීතිඥයා ඔහු නම් විය!
තම 40 වන උපන් දිනය සමරමින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වැය කර ගාල්ල, දික්කුඹුර ශ්‍රි සිද්ධාථ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 2000 කට අවශ්‍ය පාසල් උපකරණ හා සනීපාරක්ෂක වැසිකිලි පද්ධතියක් ලබා දෙන්නට නිතීඥ තාරක නානායක්කාර මහතා කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, හිටපු අමාත්‍ය ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර,හිටපු මන්ත්‍රී තිලක් අමරදිවාකර, හිටපු මන්ත්‍රී ඔයිබට් අල්විස්, ව්‍යාපාරික රවි කලංසූරිය, ස.ජ.බ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ගයාන් ගිනිගේ, විද්‍යාලයේ විදුහල්පති දුලීප් ඉන්දික, ගාමිණි උපුල් ශාන්ත, නාමල් ප්‍රසංග අබේසේකර ඇතුඵ විද්‍යාලිය ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලීය පාසල් දරු දැරියන් හා දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

