ආපදාවෙන් ආපදාවට ලක් වූ රට ගොඩනැගීමට ලෝක රටවල් 43ක්  සහයෝගය දී ඇති බව මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.  

 උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43 කින් මෙම ආධාර මුදල් ලැබී ඇති බවයි.

ශ්‍රි ලංකාව නැවත ගොඩනගන්න පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණු මුදල රු.බි.4 ඉක්මව වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

Rebuilding Sri Lanka අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව ඔහු පවසයි.

මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත් ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබේ.

Share.
Leave A Reply