ශ්‍රී ලංකා පොලිසියෙන් දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක්: පැය 24ක් තුළ 500කට අධික පිරිසක් අත්අඩංගුවට

(කොළඹ) 2025 දෙසැම්බර් 20: පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 585 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, 2025 දෙසැම්බර් 19 වන දින ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම යටතේ දිවයින පුරා පුද්ගලයින් 29,400 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම මෙහෙයුමේදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ වරදවල් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පුද්ගලයින් 443 දෙනෙකු (දින වරෙන්තුකරුවන් 296 ක් සහ විවෘත වරෙන්තුකරුවන් 147 ක්) ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව, රථවාහන වැරදි සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, බීමත් රියදුරන් 27 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙනත් රථවාහන වැරදි 3,951 ක් ද වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

විශේෂ පොලිස් මෙහෙයුමෙන් රථවාහන වැරදි 4000කට අධික ප්‍රමාණයක් කොටු වෙයි; බීමත් රියදුරන් 27ක් දැලේ

පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ (2025.12.19) දින ක්‍රියාත්මක වූ දිවයින පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුමේදී රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගෙන තිබේ.

මෙම එක් දින මෙහෙයුම තුළදී පමණක් බීමතින් රිය පැදවූ පුද්ගලයින් 27 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස වාහන ධාවනය කළ 31 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඊට අමතරව, වෙනත් විවිධ රථවාහන වැරදි 3,951 ක් සම්බන්ධයෙන්ද කටයුතු කර ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම මෙන්ම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමද මෙම දීපව්‍යාප්ත මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වී ඇත. මෙම මෙහෙයුමේදී සමස්තයක් ලෙස පුද්ගලයින් 29,400 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට 585 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වාර්තාව සහකාර පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති වේදී එෆ්. යූ. වුට්ලර් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

journalist Nuwan Prasanna Sumanarathna with journalist Yohan Rasindu Uthpala

Share.
Leave A Reply