සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රි ඒස් .ඒම් මරික්කාර්

මේ පැත්තේ පවුල් 30 000  මිනිස්සු ලක්ෂයකට වැඩි පිරිසක් ආපදාවට ලක්වුනා. මින් කොටසක් ආරක්ෂිත නිවාස වල හිටියා. තවත් පිරිසක් ඥතින්ගේ ගෙවල් වල සිටිය. මෙතරම් මිනිස්සු පිඩාවට පත් වුනු මුල් අවස්ථවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් දවසකට කෑම පවා ලබා දුන්නේ 25 000ක් , 30 000ක් විතර ප්‍රමාණයක්.

ජනතාව බේර ගන්න පවා මුල් අවස්ථාවේ ආණ්ඩුවෙන් දාමල තිබුනේ බෝට්ටු තුනයි. මම පවා බෝට්ටු දෙකක් දැම්ම.සජිත් ප්‍රේමදාස මැතිතුමාත් බෝට්ටු දෙකක් දැම්ම.ගොඩක් බෝට්ටු දුන්නෙ මිනිස්සු දුන්නෙ. මුල් අවස්ථාවෙ පවා කාර්යක්ෂමතාවයක් තිබුනෙ නෑ. 

හැමෝම හැම දේමද දන්නේ නැ. අද්දැකිම්වලින් දැන ගන්න පිරිසක් ඉන්නව.  විශේඥයින්ගෙන් අහගෙන දැන ගන්න පිරිසක් ඉන්නව. මේ අය ආධුනික නිසා මේ අයට තේරෙන්නේ නැති නම් දන්න කෙනෙක් කීවම අහන්න උවමනායි. මේ ගොල්ලෝ කරන්නේ තීරණ අරගෙන රැස්විම්වල වාඩි වෙනව. මෙහි දී කරන්නේ රැස්විමක් කරා කියලා පෙන්නන ඒක විතරයි.

හැම දේම පැලවත්තෙන් තීරණය කළොත් අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාවයි.ඒහෙ තීරණ තමයි ආණ්ඩුව  ක්‍රියාත්මක වන්නේ. පැලවත්තෙන් ගත්තු තිරණය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. මේක තනිකරම උද්දච්ච කමයි පණ්ඩිත කමයි. ඔලමොට්ටලකමයි.අත්දැකීම් තියන මිනිස්සු හරි විශේෂඥයෝ කියන දේවල්වලට අනුව කළමණාකරණය කළා නම් ඇත්තටම ලකුණු ඒන්නේ ආණ්ඩුවටයි. ඒ් දේ පවා තේරුම් ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියනව.මෙයට හේතුව මාන්‍ය, උද්ධච්චිකම බව පේනව.

Share.
Leave A Reply