@ මනුෂ්‍ය ඝාතනයක් – වාලච්චෙන පොලිස් වසම

2025.12.15 දින උදෑසන කාලයේ වාලච්චෙන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී, පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 46ක් වන වාලච්චෙන වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත, මරණකරු බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය වාලච්චෙන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වයස අවුරුදු 42ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@ අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කරල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – කොළඹ අපරාධ කොට්ඨාසය

2025.12.15 දින සවස කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රාහුල මාවත, කටුබැද්ද ප්‍රදේශයේදී, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.261ක් සහ මත්කරල් 5000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 32ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@ ගෙවල් බිඳ හෙප්පෙළ සොරකම් 2ක් සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට – මොරටුව පොලිස් ස්ථානය

2025.12.13 දින මොරටුව පොලිස් වසමේ මාදන්ගහවත්ත ප්‍රදේශයේදී, රූපවාහිනියක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, 2025.12.11 දින මොරටුව පොලිස් ස්ථානයට වාර්තා වූ රුපියල් ලක්ෂ 04ක් වටිනා ගෙවල් බිඳ හෙප්පෙළ සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු බව අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශනවලදී, ඔහු ගෙවල් බිඳ හෙප්පෙළ සොරකම් 08කට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

ඒ අනුව, සොරකම් සඳහා භාවිත කළ උපකරණ, රන් භාණ්ඩ, ලැප්ටොප්, අත්ඔරලෝසු ඇතුළු දේපල සොයාගෙන ඇත.

තවද එම සොරබඩු ලගතබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@ රාත්‍රී කාලයේ නිවසක් බිඳ මුදල්, රන් භාණ්ඩ හා දේපළ සොරකම් කළ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට – ගල්නෑව පොලිස් ස්ථානය

2025.12.07 දින රාත්‍රී කාලයේ ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ නිවසක් බිඳ, රුපියල් 57,268,000/- වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

2025.12.14 දින ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු කුරුණෑගල, මාතලගම සහ විල්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 250, අපරාධයට භාවිත කළ අත්ලැසුම් ජෝඩු 04ක්, උල් පිහි 04ක්, යතුරුපැදියක්, වෑන් රථයක් සහ ලොරි රථයක් සොයාගෙන ඇත.

සොරකම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථය ගලගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.තවද සොරකම් කරන ලද මුදලින් රුපියල් 5,939,000/-ක් සහ එම මුදලින් මිලදී ගත් දේපළද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් 2025.12.15 දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, 2025.12.18 දක්වා රඳවාගෙන විමර්ශන කිරීමට නියෝග ලබාගෙන ඇත.ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@  අපරාධ වලට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට – මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2025.12.15 දින උදෑසන කාලයේ සීදුව හන්දිය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර, පුද්ගලික ආයතනයක දුරකථන රැහැන් කපා රුපියල් ලක්ෂ 15ක් වටිනා තඹ කේබල් සොරකම් කළ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2130ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුට එරෙහිව විවෘත වරෙන්තු 05ක් නිකුත් වී ඇත.සොරකම් කරන ලද පවර් කේබල් 12ක් සහ උණුකරන ලද තඹ කේබල් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන ඇත.සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@. ජලාශයක ගිලී අතුරුදන් වීමක් – මහව පොලිස් වසම

2025.12.15 දින සවස කාලයේ මහව පොලිස් වසමේ තම්මිතගම වැවේ දිය නාන අතර පුද්ගලයෙකු ගිලී අතුරුදන් වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 35ක් වන යටිගම්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු තවත් ඥාති පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දිය නාන අතර මෙම අනතුරට ලක්ව ඇති බව අනාවරණය වී ඇත.පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව මහව පොලිසිය සෙවීම් මෙහෙයුම් සිදු කරනු ලබයි.

@ සංචරණ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිණිකාගාරයක් වැටලීම – කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2025.12.15 දින දහවල් කාලයේ කොල්ලුපිටිය පොලිස් වසමේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී, කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර සංචරණ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිණිකාගාරයක් වසා දමා ඇත.

ඒ සම්බන්ධයෙන් එය කළමනාකරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් සහ තායිලන්ත ජාතික කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

@. මාරක රිය අනතුරක් – ගණේමුල්ල පොලිස් වසම

2025.12.15 දින උදෑසන කාලයේ ගණේමුල්ල පොලිස් වසමේ කොස්සින්න ප්‍රදේශයේදී යතුරුපැදියක් ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකරු වයස අවුරුදු 52ක් වන රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@ මාරක රිය අනතුරක් – වීරඹුගෙදර පොලිස් වසම

2025.12.15 දින උදෑසන කාලයේ කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදී ලොරි රථයක්, කුඩා ලොරි රථයක හා පාපැදිකරුවෙකු සමඟ ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකරු වයස අවුරුදු 73ක් වන මංවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@. මාරක රිය අනතුරක් – හොරණ පොලිස් වසම

2025.12.15 දින උදෑසන කාලයේ පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ මුණගම ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණියන් දෙදෙනා තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර, වයස අවුරුදු 10ක් වූ එක් දියණියක් මියගොස් ඇත.හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@. මාරක රිය අනතුරක් – වාලච්චෙන පොලිස් වසම

2025.12.15 දින දහවල් කාලයේ A15 මාර්ගයේදී ටිපර් රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@. මාරක රිය අනතුරක් – වේදන්දිය පොලිස් වසම

2025.12.15 දින සවස කාලයේ යතුරුපැදියක් විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් ඇත.

@. මාරක රිය අනතුරක් – කුඩාඔය පොලිස් වසම

2025.12.15 දින සවස කාලයේ යතුරුපැදියක් කාර් රථයක සහ බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.යතුරුපැදිකරු මියගොස් ඇත.

@. මාරක රිය අනතුරක් – වැලිපැන්න පොලිස් වසම

2025.12.15 දින රාත්‍රී කාලයේ රථවාහන පරීක්ෂා කිරීමේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පොලිස් නිලධාරියෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා මියගොස් ඇත.

Share.
Leave A Reply