01. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය.

2025.12.14 වන දින උදෑසන කාලයේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු සහ එදින සවස් කාලයේ වැල්ලම්පිටිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27 හා 28 වයස්වල පසුවන කොළඹ 14 හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

02. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – මහබාගේ පොලිස් ස්ථානය.

2025.12.14 වන දින රාත්‍රී කාලයේ මහබාගේ පොලිස් වසමේ දොඹගහවත්ත වගුරුබිම් ප්‍රදේශයේදී මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති විරෝධී මත්පැන් ලීටර් 6800 (බැරල් 40) ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 56 ක් වන ගාලගොඩවත්ත, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

03. පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට – මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර.

2025.12.14 වන දින සවස් කාලයේ පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ දේවීපුරම් ප්‍රදේශයේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 35 ත් 48 ත් අතර වයස්වල පසුවන අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 36 හා 45 වයස්වල පසුවන මඩාටුගම හා දේවීපුරම් ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

04. මාරක රිය අනතුරක් – අනුරාධපුර පොලිස් වසම.

2025.12.14 වන දින අළුයම් කාලයේ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම මාර්ගයේ පණ්ඩුලගම යුධ හමුදා කඳවුර ආසන්නයේදී නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 53 ක් වූ පොතානේගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

05. මාරක රිය අනතුරක් – පානදුර උතුර පොලිස් වසම.

2025.12.14 වන දින අළුයම් කාලයේ පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලු පාර මාර්ගයේ ගොරකාන ප්‍රදේශයේදී රත්මලාන දෙස සිට පරත්ත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ත්‍රීරෝද රථයේ පසුපස ගමන් ගත් පුද්ගලයෙකු හා ලොරි රථයේ රියදුරු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 42 ක් වූ බටකැත්තර, මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පානදුර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share.
Leave A Reply