ආපදා තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වූ ජනතාවටත් සතියක කාලයක් සඳහා වියලි සලාක ලබා දීමට රජය තිරණය කර තිබේ.

ආපදා හමුවේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු විසඳීම ජනාධිපති හා සමූපකාර නියෝජ්‍ය අමාත්‍යය උපාලි සමරසිංහ මහතා හා නිලධාරි සමඟ  මෙම තිරණය ගෙන තිබේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් ඊයේ (14)  පස්වරුවේ මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කා ර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම තීරණය ගෙන තිබේ.

මෙහි දී ධීවර කටයුතුවල නිරතවීමට නොහැකි වූ ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධව සහ ධීවර ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය.

යෝධ වැව අභයභූමියේ ජල පෝෂක ප්‍රරදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ නීති ක්‍රියාත්මක කරන ලෙසද මන්නාරම් ‍ප්‍රරදේශයේ ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් හට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නේ ය.

මෙම සාකච්ඡාව සඳහා සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ඇතුළු මහජන නියෝජිත පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

Share.
Leave A Reply