ඒ අනුව මැක්ස්වෙල් පරණගම කොමිසමට ලැබී ඇත්තේ 25,000කට වැඩි අතුරුදහන් වූ පුද්ගලයින්ගේ නම් බවත් නීතිමය පරීක්ෂණවලට බදවා ගැනීම වෙනුවට සාක්ෂිත් අතුරුදහන් කරමින් පසුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ලලිත් සහ කුගන් පැහැරගෙන ගියේ 2001 ලෝක මානව හිමිකම් දිනය සැමරුම් සඳහා කොළඹ දී පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.
මෙය ශ්‍රී ලංකාවේ පැහැරගෙන යාම–අතුරුදහන් කිරීම්වල දීර්ඝ කතාවේ තවත් සිද්ධියක් බව පැහැදිලියි.
මැක්ස්වෙල් පරණගම කොමිසමට ලැබී ඇත්තේ 25 000කට වැඩි අතුරුදහන් වූ පුද්ගලයින්ගේ නම් බවත් නීතිමය පරීක්ෂණවලට බදවා ගැනීම වෙනුවට සාක්ෂිත් අතුරුදහන් කරමින් පසුවන බව දැකිය හැකියි.
මෙම නඩුව කියන්නේ මේ සියල්ලේම ඉතුරු වී ඇති එකම අතුරුදහන් නඩුව. ඒ නඩුවත් මකන්න උත්සහ කරනවා.
ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයේදී යාපනයේ රැස්වීම් ගන්න එද්දි මේ ජීවිත තර්ජන තිබුනාද? පැහැදිලියි—උසාවිය මගහැරීම තමයි ඉලක්කයි.
ජන අරගල සන්ධානයේ නීතිඥ නුවන් බෝපගේගේ මහතා මෙසේ පැවසීය.
ලලිත් හා කුගන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති සාක්ෂි අනුව ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධතාවය පැහැදිලි බවයි.
2019 අප්‍රේල් මාසයේ දී යාපනය උසාවිය ගෝඨාභය රාජපක්ෂට සාක්ෂිය සඳහා කැඳවීමේ නියෝගය නිකුත් කර තිබුනා. ජනාධිපති ලෙස පත් වූ පසු ජනාධිපති මුක්තිය අයත්වූ නිසා නඩුව මගහැර තිබුනා. අභියාචනාධිකරණය පසුව තීන්දුවක් මගින් යුක්තිය ඉටු විය යුතු බව තහවුරු වුනා. අද දක්වාත් ගෝඨාභය රාජපක්ෂ නීතියට වගකිවයුතු පොදු පුරවැසියෙකි. ඔහුට උසාවියේ නියෝග නොසළකා හැරීමට අයිතියක් නැති බව පේනවා.
අතුරුදහන් කිරීම්වලට වගකිව යුතු සියලු දෙනාට දඬුවම් නොලැබෙන තෙක් අපි සන්සුන් වන්නේ නෑ. උසාවි හමුවේ සත්‍යය වෙනුවෙන් අපි ඉදිරියට සටන් කරමින් සිටින බව ද ඒ මහතා පැවසිය.
මේ අතර ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු පැහැරගෙන ගොස් වසර 14ක් සම්පූර්ණ වන 2025 දෙසැම්බර් 10 දින, ඊට අදාළ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත විභාග විය.
මෙම නඩුව සඳහා සාක්ෂි දීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ 10 දිනයේද “ජීවිත තර්ජන” හේතුවෙන් උසාවියට නො පැමිණි බව ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දි තිබේ.
අදාළ තර්ජන පිළිබඳ කරුණු 2026 පෙබරවාරි 06 වනදා දිවිරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

