රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක සහකාර වරයෙකු වශයෙන් සේවයෙහි යෙදී සිටියදී කොන්ටිනෙන්ටල් නැමැති පුද්ගලික රක්ෂණාවරණ ආයතනයකට වාසි වන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කර රජයට රුපියල් 64,15015 පාඩුවක් විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ලලිත්සිරි වෙලන්සියස් ජයමාන්න සිදු කර ඇති බව අල්ලස් කොමිසම අද (9)කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම හමුවේ දැන්වුවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම ඒ බව දන්වා සිටියා.
සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුට බන්ධනාගාරය තුළ දී නිසි ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද නියම කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට අද (9) පෙරවරුවේ ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනි සිටි නිලධාරීන් වැඩිදුර බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම මෙලෙස සඳහන් කර සිටියා.
“ස්වාමීනි, 2025/07/21 වන දින අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අදාලව මෙහි විමර්ශන කටයුතු සිදු කරනවා.මෝටර් රථ අනතුරු වලට ලක්වන අවස්ථාවලදී ආණ්ඩුවේ රස පරීක්ෂකවරයෙකුගේ සහාය ලබාගෙන විශාල මුදලක් ලබාගත් බවට තමයි කරුණු අනාවරණය වන්නේ. එලෙස එම පෞද්ගලික රක්ෂණ ආයතනයට අයුතු ලාභයක් ලබාදී රජයට අයුතු අලාභයක් සිදුකර රජයේ සේවයකු ලෙස තුටු පඬුරු භාර ගැනීම නමැති දූෂණය වරද කර තිබෙනවා. 2021 වර්ෂයේ ජුනි වල තමයි රස පරීක්ෂක ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස සැකකරු කටයුතු කර තිබෙන්නේ. නඩු භාණ්ඩ විමර්ශනයට යවා තිබෙනවා .අධිකරණ නියෝගයක් මත තමයි රස පරීක්ෂක වර්තා කැඳවන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික ආයතනයක රස පරීක්ෂක වාර්තා ලබා දෙනවා නම් ඒ සඳහා රජයට මුදල් ගෙවීමත් සිදු කළ යුතුයි. එලෙස රස පරීක්ෂක වාර්තා ලබාදීම සිදුකරන්නේ නියමිත ක්‍රමවේදයක් යටතේ.”
රජයට ඉල්ලීමක් කරලා පෞද්ගලික ආයතනවල රස පරීක්ෂක කටයුතු සඳහා වාර්තා ලබාගන්න පුළුවන්. නමුත් මෙම සැකකරු මෙම රක්ෂණ ආයතනය හරහා වාහන 731 රස පරීක්ෂක වාර්තා දීලා තිබෙනවා. එයින් 210ක වාර්තාවල නිලමුද්‍රාව ඇතුළත්ව තිබෙනවා. වාහන 521 ක රස පරීක්ෂක වාර්තාවල නිල මුද්‍රාව ඇතුලත් කරලා නැහැ. ඒ දවස්වල වර්තාවකට රුපියල් 7650 ක මුදලක් ද පසුව 10,000 වශයෙන් මුදල් ලබාගෙන තිබෙනවා. රුපියල් 64, 15050 ක මුදලක් අවස්ථා කිහිපයකදීම චෙක්පත් ඔස්සේ ලබාගෙන තිබෙනවා.
“2015 කාලයේ දී සැකකරුගේ නමින්ම චෙක්පත් ලබාගෙන තිබෙන අතර 2015 සිටි 2018 දක්වා වෙනත් අයගේ නම්වලින් චෙක්පත් ලබාගෙන තිබෙනවා. පරීක්ෂණවලට මෝටර් රථ ඉංජිනේරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙනවා.
“ස්වාමීනී ,මොහු මේ වරද කර තිබෙන්නේ රජයට අයුතු ලෙස පාඩුවක් සිදුකිරීම යටතේ පොදු දේපළ පනත සහ තුටු පඩුරු ලබා ගැනීම යටතේ 19/B/C වගන්තිය යටතේ වරදවල් සිදු කර තිබෙනවා. අදාල සැකකරුට වාසි සහගත වන ලෙස කටයුතු කර තිබෙනවා.” යනුවෙන් කරුණු දැක්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ රාජ්‍ය නිල කාලයෙන් පසුව සිදු කරනු ලබන පෞද්ගලික වැඩ සඳහා බලපෑම් කිරීමට අයිතියක් නැති බවත් තම සේවා දායකයා තුටු පඬුරු ලබාගෙන නොමැති බවයි. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙක් තම සේවා කාලයෙන් පසුව පෞද්ගලිකව ප්‍රතිකාර කර මුදල් සෙවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. තවද තම සේවා දායකයා රජයේ රස පරීක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති බැවින් බන්ධනාගාරය තුළ සිටින පුද්ගලයන්ගෙන් මරණ තර්ජන තිබෙන බැවින් ඇප ලබා දෙන ලෙසද නීතීඥවරයා අධිකරණයට දැන්වූවා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සිද්ධිය නිසා රක්ෂණ වාර්තා ලබා ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් හරහා මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවයි. තවද තම නිලකාලය කරමින් පෞද්ගලික ආයතනවලට සේවා සපයනවා නම් රජය මගින් 67.5% ක මුදලක් ලබා දෙන බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
මෙම සැකකරුට අදාල ගිණුම්වල ඒ.ටී.එම් කාඩ්පත් මොහුගේ ගිණුම් තුල තිබූ ඒවා බවටද කරුණු අරාවරණය වී තිබෙන බවත් මොටර් රථ ඉංජිනේරුවන් සමඟ පවා සම්බන්ධතා පවත්වා ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් ඇප ලබා නොදෙන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාලව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමට තිබෙන බැවින් තවදුරටත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද පුද්ගලික රක්ෂණ ආවරණයක් සම්බන්ධයෙන් ඇතිවී ඇති මෙම ප්‍රශ්න ගති සිද්ධියටදාළව එම ප්‍රතිලාභීන් අතර මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබීම නිසාත් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බව යන කරුණු සලකා බලා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාල සැකකරු අල්ලස් චෝදනා මත ඉකුත් 7 වන දින අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අන්තුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා… ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවති!
තෙවන වාර විභාගය නොපැවැත්වේ – 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක්…
අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා…
ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා…
දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා අද දින (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
මෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට දිවයිනේ සියලු පළාත් සම්බන්ධීකරණය කරමින් තත්ත්වය සමාලෝචනය කිරීමේ දී,
10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.
ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළ සිටියේ ය.
එමෙන් ම දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත් පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ප්‍රකාශ කළේ ය.
2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2025.12.16 දින සිට 2025.12.22 දින දක්වා පවත්වන අතර නත්තල් නිවාඩුවෙන් පසු නැවත 2025.12.29 දින සිට 2025.12.31 දින දක්වාත්, මුස්ලිම් පාසල් 2026.01.02 දින දක්වාත් පැවැත්වෙන බව ඒ මහතා ප්‍රකාශ කරන ලදි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ආරම්භ වන්නේ 2026 ජනවාරි මස 12 වැනි දින වන අතර ඒ පිළිබඳ ඉදිරි දැනුවත් දැනුවත් කිරීම් විභාග කොමසාරිස් ජනරාල් විසින් සිදු කරන බව ප්‍රකාශ කරන ලදී.
2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින (5) ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බව ද ප්‍රකාශ කරන ලදී.
@@@@@ දවසේ නිවුස් ගොන්න එකවර ම කියවන්න !
1) දිට්වා සුලි කුණාටුව සමග ඇතිවු ගංවතුර තත්වය අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර විශාල ප්‍රමානයක් හානියට පත්විය.ඉන් වැඩිම හානිය සිදුව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයට බව පැවසේ.
දෙහිඅත්තකන්ඩිය කොට්ඨාශයේ රංහෙලගම නාමල්ගම කුඹුරු අකක්ර 200 කට වඩා වැඩි ප්‍රමානයක් විනාශ විම නිසා එහි ගොවින් මහත් අපහසුතාවයට පත්ව තිබේ.
වැඩි වශයෙන් විනාශ වි ඇත්තේ වි වපුර දින 14 ක් පමන වු කුඹුරු බව ගොවින් සදහන් කරති.
රංජිත් වසන්ත උප සභාපති දෙහිඅත්තකණ්ඩිය ප්‍රාෙද්ශිය සභාව
1986 වසරේ මහවැලි සි කලාපය ආරම්භ විමෙන් පසුව ඇතිවු ලොකුම විනාශය තමයි දෙහිඅත්තකණ්ඩියට සිදුඋනේ.අපි කවුරුවත් හිතුයේ නැහැ මේ වගේ තත්වයක් උදාවෙයි කියලා කොහොම නමුත් කිසිම ජීවිතයත් බිලිවෙන්න දෙන්නේ නැතුව බේරා ගැනිමට සියලුදෙනාගේ සමග අපිට නිසා හැකිඋනා
නමුත් අද තියෙන ප්රශ්නය තමයි කුඹුරු විනාශ විම මේ කුඹුරු තව දින 10 යක්ඇතුලත නැවත සකස් කර වි වැපිරිය යුතුයි නැ.ත්නම් ගොවි ජනතාව අන්ත අසරණ තත්වයට පත් වෙනවා
එම් .එදිරිසිංහ 404 ඩී.එක බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති
හදිසියේ ඇතිවු මේ තත්වය සමග අපේ කුඹුරු සියල්ල විනාශ උනා. ගොවින් මහත් අපහසුතාවයට පත්ටවෙලා තියෙන්නේ.අපි කුඹුරු වපුරල දින 14 ක් විතරයි ගියේ ගංවතුර එනකොට. වෙනදා මේ වගේ තත්වයක් එන්නේ නැහැ මේ ගමන උන විනාශය හිතා ගන්න බැහැ.මේ තත්වයෙන් ගොවියා ගොඩ ගන්න රජයේ විශාල කැපවිමක් අවශ්‍යයි. නැත්නම් ගොවින් විශාල අනතුරකට පත්වෙනවා. දෙහිඅත්තකණ්ඩිය අපිට තියෙන්නේ මේ කුඹුර විතරයි . මේ කුඹුර විනාශ උනා කියන්නේ අපි ඉවරයි රජය ඉතා කඩිනමින් පියවර ගත යුතුයි.
වී.ජී.නිසංසලා නාමල්ගම
මේ විපතින් නාමල්ගම ජනතාව බේරා ගන්න නම් රජයේ සහය අපිට අවශ්‍යයි අපි ශ්‍රමයෙන් සහය දුන්නත් අපිට කරන්න බැරි වැඩ කොටසක් තියෙනවා. පාර කැඩිලා තියෙනනවා ඇලවල් කැඩිලා තියෙනවා.ඒවා හදල දුන්නොත් විතරයි අපිට නැවත කුඹුරු කරන්න පුලුවන් වෙන්නේ.
අපි මේ පිලිබදව ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා හදල දෙන්නම් කියලා ගියා තවම නැහැ සතියවක් ඇතුලත හදල දෙන්න ඕනේ නැත්නම් මේ කුඹුරු නැවත කරන්න බැරි වෙනවා.
ඩබ්.ජී.විරසුරිය 404 ඩී.2 ගොවි සංවිධානයේ සභාපති .
අපිට ඇතිවු ලංවතුර නිසා ඇලවක් සහ අපවාහන පද්ධතිය මුලු මනින්ම හානි උනා වපුරපු සියලු කුඹුරු ගංවතුරට ගියා දැන් තියෙන්නේ හෝදා පුලු උන බිමක් විතරයි.ටෙමි බිමේ දැන් කිසිම සාරවක් බවක් නැහැ . නියවරල් එකක් වත් නැහැ වැලි ගල් වලින් කුඹුරු පිරිලා . අලපිට කරන්න පුලුවන් සිමාවකි තියෙනවා අනිත් සියලුවැඩ රජයෙන් කරල දෙන්න ඕනේ ඩමේබ විනාශය පිලිබදව සියලු දෙනා දන්නවා ඒක නිසා පහු නොකර නැවත ඩටම් කන්නටයේ වැඩ කරන්න කුඹුරු හදල දෙන්න කියලා තමයි අපි රජයන් ඉල්ලා සිටින්නේ
කුඹුර නැවත වගා කිරමට කුඹුරුවල වැලි ඉවත්කිරිම කඩි නමින් කල යුතු අතර බිත්තර වී වැනි දේවල්ද සොයා ගැනිමට ගොවින්ට සිදුව තිබේ. මෙම බරෙපතල ගැටලුව සුලුවෙන් නොතකා කඩිනමින් මේ කන්නයේ කුඹුරු කිරිමට කුඹුරු සකස් කරදෙනතුරු මහවැලි ගොවියන් මග බලා සිටි
2) බොරලැස්ගමුව නගර සභාවට අයත් පැපිලියාන ප්රිදේශයේ අලූබෝගහ වත්ත පටුමග සහ පළමු පටුමග යන මාර්ගවල සිදු කරමින් පවතින මාර්ග සංවර්ධන ව්යානපෘතියක තත්ත්වය සොයා බැලීම සඳහා පා ගමනින් යමින් සිටි බොරලැස්ගමුව නගර සභාවේ පැපිලියාන කොට්ඨාශයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්රීනවරිය වන ලලනා ප්‍රි යදර්ශනී මහත්මියගේ අත්බෑගය (08) වන දින දහවල් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
නාගරික මන්ත්රීමවරිය පාගමනින් නැදිමාල පාර ඔස්සේ අළුබෝගහ වත්ත පාර පිහිටි ස්ථානය වෙත යමින් සිටියදී එකවරම පැමිණි රතු පැහැති ත්‍රී රෝද රථයකින් තමන්ගේ උරහිසේ එල්ලාගෙන තිබූ අත්බෑගය උදුරාගෙන කොල්ලකා පලා ගිය බවට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ අනුව ත්රීර රෝද රථය හා කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.
මන්ත්රීාවරියගේ අත් බෑගයේ මුදල් පසුම්බිය හා ජංගම දුරකථන කුඩා කරාබු යුවලක් මෙන්ම ජාතික හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි රැසක් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවද පොලිසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් මාර්ගය දෙපස නිවාස හා ව්යා්පාරික ස්ථානවල සවිකරර ඇති සී.සී.ටීවී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධියට අදාළ සැකකරුවන් සහ ත්රීග රෝද රථය අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
3) නායයෑමෙන් වසාදමා තිබුන පේරාදෙණිය ගන්නොරුව ගුහාගොඩ මාර්ගය 06 දිනසිට සැහැල්ලු වාහන ධාවනය සඳහා විවෘත කර ඇත
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතය පවසන්නේ පසුගිය අධික වර්ෂාවත් සමග මාර්ගයේ ඉහල කොටසේ පස බුරුල්වී ඇතිනිසා කුඩා වර්ෂාවකදී පවා ණාය යෑමට ඉඩඇති බැවින් ඉතා සුපරික්ෂාකාරීව මෙම මාර්ගයේ වාහන ධාවනය කරන ලෙස මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටී
4) කෑගල්ලමොළගොඩවලකඩයාවප්රදේශයේනිවසකඉහළමාලයකුලීකරුහිතවතෙකුසමගනිවසේපහළමාලයේසිටිගෙහිමකතඇදකබැදකටටප්ලාස්ටර්ගසාරුපියල්දහතුන්ලක්ෂඅසුහයදහසක් (13 86 000) වටිනාරන්භාණ්ඩපැහැරගත්ප්රධානසැකකරුඇතුළුසිව්දෙනෙක්පෙරේදා 09 වැනිදාඅත්අඩංගුවටගත්බවකෑගල්ලපොලිසියපැවසීය.
මෙලෙසඅත්අඩංගුවටගෙනඇත්තේකැළණියප්රදේශයේපදිංචිවසිටින 18 හැවිරිදිතරුණයෙක්යක්කලප්රදේශයේපදිංචිවසිටින 55 හැවිරිදිපුද්ගලයෙක් වේයන්ගොඩප්රදේශයේපදිංචිවසිටින 45 හැවිරිදිපුද්ගලයෙක්හාමිනුවන්ගොඩ ප්රදේශයේපදිංචිවසිටින 50 හැවිරිදිපුද්ගලයෙක්බවපොලිසියපැවසීය.
සිද්ධියසම්බන්ධයෙන්කෑගල්ලපොලිසියකියාසිටියේකෑගල්ලපොලිස්වසමේමොළගොඩවලකඩයාවප්රදේශයේයුවලක්දෙමහල්නිවසකපහළමාලයේපදිංචිවසිටිනබවත්ඔවුනටදරුවන්නොමැතිබවත්පොලිසියපැවසීය. ගෙහිමකතරැකියාවක්නොකරනබවත්සැමියාරාජ්යආයතනයකරැකියාවක්කරනබවත්පොලිසියපැවසීය.
ගෙහිමිකතගේවැඩිමහල්සහොදරයාවිසින්කැළණියප්රදේශයේපුද්ගලයෙකුටඉකුත්සැප්තැම්බර් 20 වැනිදාරුපියල් 15 000 කමාසිකකුලීපදනමමතනිවසේඉහළයේකාමරයක්දීඇතිබවත්ඔහු 18 හැවිරිදිපිරිමිදරුවාසමගකාමරයේපදිංචිවසිටඇතිබවත්පොලිසියපැවසීය.
කාමරයකුලීයටගත්පියා 2003 වසරේදීයුධහමුදාසෙබලෙකුටපහරදීගිනිඅවියක්පැහැරගැනීමසම්බන්ධයෙන්කොළඹඅධිකරණයමගින්වරෙන්තුවක්නිකුත්කරඇතිබවත්එමවරෙන්තුවටකෑගල්ලපොලිසියමගින්සැකකරුඅත්අඩංගුවටගෙනපෑලියගොඩපොලිසියටභාරදීතිබුණි. පසුවපොලිසියමගින්අධිකරණයටඉදිරිපත්කිරීමෙන්පසුවරක්ෂිතබන්ධනාගාරගතකරඇතිඅතරසැකකරුවැලිකඩරිමාන්ඩ්බන්ධනාගාරයේරදවාතබාඇතිබවත්පොලිසියපැවසීය.
පසුවදෙමහල්නිවසේපහළමාලයේපදිංචිවසිටිනකතඉහළමාලයේපදිංචිවසිටින 18 හැවිරිදිතරුණායාටඅනුකම්පාකරදිනපතාවේල්තුනටමකන්නබොන්නදීඇතිබවත්දරුවන්නොමැතිනිසාතමන්ගේදරුවෙකුටමෙන්තරුණායාටගෙහිමිකතසලකාඇතිබවත්පොලිසියපැවසීය. ඉකුත්නොවැම්බර් 23 වැනිදා 18 හැවිරිදිතරුණායාහිතවතෙකුකාමරයටගෙන්වාඇතිඅතරඔහුගේඇදුම්පැළදුම්කාමරයෙන්ඉවත්කරගෙනඇතිබවත්පොලිසියපැවසීය.
නොවැම්බර් 25 වැනිදාදහවල්තරුණායාකාමරයතෙමෙනවායැයිපවසාපහළමාලයේසිටිගෙහිමිකතඔහුගේකාමරයටගෙන්වාගෙනවයර්වලින්කාමරයේතිබුණුඇදකබැදකටටප්ලාස්ටර්ගසාගෙලපැළදසිටිපවුම්තුනහමාරක්බරැතිරන්මාලයපවුම්බාගයක්බරැතිරන්පෙන්ඩනයපවුම්කාලක්බරැතිසුරයහා පවුම්බාගයක්බරැතිරන්කරාබුජෝඩුවගලවාගෙනඇදඇතිරිල්ලකින්කාන්තාවවසාදමාසැකකරුවන්දෙදෙනානිවසින්පිටවීඇතිබවත්පොලිසියපැවසීය. පසුවඔවුන්දෙදෙනාකල්තියාගෙන්වාගෙනතිබුණුකාර්රථයෙන්පලාගොස්රන්භාණ්ඩමිනුවන්ගොඩප්රදේශයේඋකස්මධ්යස්ථානයකටඋකස්කරඇතිබවත්පොලිසියපැවසීය
පසුවගෙහිමිකතගේඅසලපදිංචිවසිටිනබාලසහොදරයාගේබිරිදටනිවසදෙසින්කෙදිරිගානශබ්දයක්ඇසීගොස්බලනඅවස්ථාවේදීඇයවිසින්ඇදකබැදසිටිනෑනාදැකපසුවමුදවාගෙනසිද්ධියසම්බන්ධයෙන්ගෙහිමිකතඑදිනමකෑගල්ලපොලිසියටපැමිණිල්ලක්ඉදිරිපත්කරතිබුණි.
පසුවපොලිසියකරනලදදීර්ඝවිමර්ශනයකින්අනතුරුවසැකකාරතරුණායාසියපියාබැලීමටවැලිකඩරිමාන්ඩ්බන්ධනාගාරයවෙතයනඑනබවටහදුනාගෙනපෙරේදා 09 වැනිදාපියාබැලීමටයමින්සිටියදීතරුණායාඅත්අඩංගුවටගත්බවපොලිසියපැවසීය. ඊටඅනුබලදුන්තවත්පුද්ගලයින්තිදෙනෙක්කාර්රථයක්දපොලිස්භාරයටගත්බවපොලිසියපැවසීය.
රන්මාලයහාපෙන්ඩන්එකමිනුවන්ගොඩප්රදේශයේඋකස්මධ්යස්ථානයකින්සොයාගත්බවත්කරාබුජෝඩුව 18 හැවිරිදිසැකකරුසන්තකයේතිබීසොයාගත්බවත්පොලිසියපැවසීය.
5) දිඹුලාගලබෝගස්වැවප්රදේශයේඌරුකොටුවකින්ඌරන්දෙදෙනකුපැහැරගෙනගොස්එකකුමස්කරවිකුණමින්සිටිසහ තවත්එකෙකුකුඹුරකවළලාසඟවාඇතිබවකියනපුද්ගලයන්සිව්දෙනෙකුසහඔවුන්භාවිතාකළයතුරුපැදිතුනක් 09 වෙනිදාඅත්අඩංගුවටගත්බවමනම්පිටියපොලිසියකියයි.
සැකකරුවන්අවුරුදු 20 ත් 30 ත්අතරවයසේපසුවනබෝගස්වැවසහවෙහෙරගමප්රදේශයේපදිංචිකරුවන්බවත්, මෙමපුද්ගලයන්එක්ඌරෙකුමස්කරඅලෙවිකරමින්සිටිබවත්,තවත්ඌරෙකුමරා, ඌරුකොටුවඅසලකුඹුරකසඟවාඇතිබවත්මනම්පිටියපොලිස්ස්ථානාධිපතිප්රධානපොලිස්පරීක්ෂකපී,ජී,ඒ,සීආරියරත්නමහතාඅපකළවිමසීමකදීසඳහන්කළේය.
සැකකරුවන්සතුවතිබූඌරුමස්කිලෝ 30 ක්සහමරාකුඹුරකවළදමාතිබූඌරාදඅත්අඩංගුවටගත්බව, මනම්පිටියපොලිසියකියයි.
ඌරුකොටුවේහිමිකරුකරනලදපැමිණිල්ලකටඅනුවසැකකරුවන්, ඌරුමස්හාමරාකුඹුරකවළදමාතිබූඌරාදයතුරුපැදිතුනදඅත්අඩංගුවටගැනීමටහැකියාවලැබුණුබවත්, මෙමඌරන්දෙදෙනාගේවටිනාකමරුපියල්එක්ලක්ෂඅසූදාහක්පමණවනබවද, ඒසම්බන්ධපරීක්ෂණසිදුකරනමනම්පිටියපොලිසියපවසයි.
අත්අඩංගුවටගත්සැකකරුවන්සිව්දෙනා, යතුරුපැදිසහමස්තොගය 09 පොළොන්නරුවමහේස්ත්රාත්අධිකරණයටඉදිරිපත්කිරීමටකටයුතුකරනබවයිපොලිසියකියයි.
6) තෙල්දෙණියකරල්ලියද්දශ්රිඋපෝසථාරාමවිහාරස්ථානයේධාතුමන්දිරයහත්වනදිනඅලුයම්කාලයේදිකිසියම්පිරිසක්විසින්එහිදොරකඩාඑහිතැන්පත්කරතිබුණසාධාතුකධාතුකරඩුවඇතුලුවටිනාරන්භාණ්ඩරුසක්සොරාගොස්තිබෙනබවතෙල්දෙණියපොලිසියපවසයි.
මේපිළිබදවවිහාරස්ථානයේවිහාරාධිපතිහිමිඇතුලුදායකසභාවතෙල්දෙණියපොලිසියටපැමිණිලිකරඇතැයිතෙල්දෙණියපොලිසියවැඩිදුරටත්පවසයි.ලක්ෂතිහකවටිනාකමකින්යුත්රන්භාණ්ඩරුසක්සොරාගෙනගොස්ඇතැයිවර්තාවේ.
මෙමවිහාරස්ථානයේසවිකරතිබෙනආරක්ෂිතකැමරාවලපුද්ගලයන්තිදෙනකුවිහාරබිමටඇතුලුවනඅයුරුසටහන්විඇතැයිතෙල්දෙණියකියයි.
තෙල්දෙණියපොලිසියඇතුලුවිශේෂපොලිස්කාණ්ඩායම්හතකමෙහෙයවිමෙන්වැඩිදුරපරික්ෂණපවත්වයි.
7) මෑතකදිශිුලංකාමහබැංකුවමගින්නිකුත්කළරුපියල් 2000.00 මුදල්නෝට්ටුඇතැම්වෙළඳසැල්හිමියන්භාරනොගැනීමහේතුවෙන්තමන්දැඩි අපහසුතාවයකටපත්වඇතැයිමහජනතාවපවසති.
ගණුදෙනුකිරීමේදීරුපියල් 2000.00 මුදල් නෝට්ටුබොහෝවෙලාවටලැබෙනබවත් , එමමුදල්නෝට්ටුලබාදීභාණ්ඩමිලදීගැනීමේදීඇතැම්වෙළඳසැල්හිමියන්රුපියල් 2000.00 මුදල්නෝට්ටුලබාගැනීමප්රතික්ෂේප කරනබැවින්එවන්අවස්ථාවන්වලදීතමන්දැඩිඅසීරුතාවයකටපත්වනබවටපාරිභෝගිකයන්චෝදනාකරති.
පාරිභෝගිකයන් භාණ්ඩමිලදීගැනීමේදී මෑතකදිනිකුත්කළරුපියල් 2000.00 මුදල් නෝට්ටුතමවෙළඳසැල්වලටගෙනඑනබවත්එමමුදල්නෝට්ටුබැංකුගතකිරීමේදීරාජ්යහාපෞද්ගලිකබැකුවල තිබෙනමුදල්තැන්පත්කිරීමේයන්ත්ර (CDM) භාවිතාකර ගිණුම්ගතකිරීමේදීඑම 2000.00 නෝට්ටුතැන්පත්කිරීමේයන්තුුයමගින්ප්රතික්ෂේප වනබවව්යාපාරිකයන්පවසයි. මුදල්ලබාගැනීමේදි CDM හා ATM යන්ත්රවලින්රුපියල් 2000 නෝට්ටු ලැබෙනබවපෙන්වාදෙනඅතර,එමමුදල්යන්ත්රමගින්මුදල්තැන්පත්කිරීමේඅපහසුතාවයමතඑමනෝට්ටුභාරගැනීමටතමන්මැළිකමක්දක්වනබවතවදුරටත්
8) අම්පාර සිට මහනුවර බලා ධාවනය වු ලොරි රථයක මහඔය 69 හන්දිය අසල සමගිපුර ප්‍ර දේශයේදි මාර්ගය හරහා මාරුඋන වන අලියෙකු ගැටිමෙන් ලොරි රථයේ රියදුරුට සහ රිය සහයක තුවාල ලබා තිබේ. අද 09 අලුයම 5.45 ට පමන මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවු අවස්ථාවේදි යවන අලියා ද බිම වැටි පසුව නැගිට කැලෑ ප්‍ර දේශයට පලා ගොස් තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදි අලි දෙදෙනෙකු පාර මාරුවි ඇති අතර ලොරියේ ගැටි ඇත්තේ එක් බයන අලියෙක් බව වනජීවි දෙපාර්මේන්තුවේ නිළධාරියෙක් සදහන් කලේය.
අනතුර සිදුවනඅ වස්ථායේ ඒ අසල සිටි සිවිල් ආරක්ෂක භටයින් කණ්ඩායමක් පැමින තුවාල ලබා සිටි රියදුරු සහ රිය සහයක මහඔය රෝහලට ඇතුලත් කර තිබේ.
පසුව මහඔය වනජීවි කර්යාලයේ නිළධාරින් අනතුරට පත්වු අලියා සොයමින් මහඔය අවට වනයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම අනතුර පිලිබදව මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
9) නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් තුල නායයාමේ තර්ජනයක් මතුවෙතැයි ඇතිවු සැකයක් මත එම වතුයායේ නිවාස 50ක පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත් කර සුරක්ෂිත මධ්‍ය ස්ථානයක් වෙත රදවා තැබිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිසකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් නායයාමේ තර්ජනයකට ලක් වෙතැයි ඇතිවු සැකයක් මත එහි පදිංචිකරුවන්ගේ මතු ආරක්ෂාව සදහා එම ප්රතදේශයේ නිවාස 50 පදිංචිව සිටි පවුල් 73ක සමාජිකයන් 311 දෙනකු එම ස්ථානවලින් ඉවත් ඉවත් කර නල්ලතන්නිය ද්රුවිඩ විදුහලේ ස්ථාපිත කර ඇති සුරක්ෂා මධ්යමස්ථානය වෙත රදවා තැබිමට 09වන දින පියවර ගත් බවත්ය.
ඉදිරි දිනවලදි ඊසාන දිග මෝෂම් වැසි තත්වයන් සක්රිෙය විම මත මෙම ප්රරදේශයන්ට වැසි ඇදහැලුනහොත් මෙම නිවාස පිහිටි ප්රවදේශයන්ට යම් නායයාමේ තර්ජනයක් ඇති වෙතැයි මතුවු සැකයන් මත එම පිරිසගේ මතු ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් මෙසේ සුරක්ෂිත මධ්‍ය ස්ථානය වෙත යොමු කරන ලද මෙම පිරිසට අවශ්‍යම ආහාරපාන හා අනෙකුත් අවස්යොථාවයන් පිලිබදව සොයා බැලිම සදහා අදාල අංශවල පිරිස් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
10) දෙහිවල සත්වෝද්යානනයේ සිටි කහ පැහැති ඇනකොන්ඩා පැටවකු අතුරුදන් වී ඇති බවට සත්වෝද්යාෙන නිලධාරීන් දෙහිවල පොලිස් ස්ථානයට පසුගියදා පැමිණිල්ලක් කල බව පොලිසිය පවසයි.
පසුගිය (07) වැනිදා සත්ත්වයා සිටි කූඩුව අසලට ගොස් බැලීමේදී ඇනකොන්ඩා නොමැති බවට උරග උයන බාරව කටයුතු කරන නිලධාරියා විසින් තමන් දැනුවත් කළ බවත්, කූඩුවේ සිටි මෙම ඇනකොන්ඩා කූඩුවෙන් එලියට ගොස් ඇති බවට සැකයක් ඇති බවත් පවසමින් උරග උයනේ වැඩ බලන උරග පාලකවරයා විසින් පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම ඇනකොන්ඩා පැටවා සැප්තැම්බර් මස 15 වැනිදා රේගු අධිකාරිය මගින් දෙහිවල සත්වෝද්යානනයට ලබා දුන් සත්ත්වයකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදු කරමින් පවතී.
@@@
11) විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් ලගතබා ගෙන සිටි සැකකරුවෙකු පෙරේදා (08) හම්බන්තොට කෑලියපුර ප්රගදේශයේදී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනුලැබීය.
මෙම ගිණි අවිය නොම්මර 12 පතොරම් යෙදිය හැකි එකක් බවත් සැකකරුට ගිණිඅවිය ලග තබාගැනීමට බලපත්‍ර නොතිබූ බවත් පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කෑලියවැලෑනේ පදිංචිකරුවෙකි. ඔහු රැකියාව ලෙස ගොවිතැන් කරන අයෙකි.
සැකකරු පිළිබදව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරින් විසින් හම්බන්තොට මූලස්ථාන පොලිසියට බාරදී තිබේ.
තංගල්ල කොට්ඨාශ බාර ජ්‍යෙ ෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු නිළධාරින් සැකකරු අත් අඩංගුවට ගත්හ
12) තංගල්ල කපුහේන්වල මුහුදු තීරයේදී 43 හැවිරිදි ජර්මන් ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමට තැත්කල සැකකරුවෙකු අත් අඩංගුවට ගත්බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙම කාන්තාව ඉකුත් 06 දා ශ්රී් ලංකාවේ සංචාරයකට පැමිණ තංගල්ල කපුහේන්වල ප්‍ර දේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.
ඇය කපුහේන්වල ප්‍ර දේශයේ පෙරේදා (08) දහවල් සංචාරය කරමින් සිටියදී සැකකරු ඇයට ලිංගික අතවරයක් කිරීමට තැත්කර ඇතැයි පොලිසිය කීවේය.
විදේශීය කාන්තාව සිද්ධිය පිළිබදව තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිළි කරතිබේ.
අත් අඩංගුවට පත් 30 හැවිරිදි සැකකරු මාතර, පිළිදුව ගගමාවතේ පදිංචි කරුවෙකි. තංගල්ල මූලස්ථාන ප්රිධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීය
13) පුද්ගලයෙකුට පහරදී අතපය කඩා දැමීමට රුපියල් ලක්ෂයක කොන්ත්රාරත් එකක් ගත් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්රීව්යැ සමග පෙරේදා (08) අළුයම තිස්සමහරාම කාවන්තිස්සපුර ප්රඅදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් මීරිගම, පමුණුවත්ත ප්රේදේශයේ සහ ගල්කිස්ස පන්සල පාරේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ලගතිබී අයිස් මත්ද්ර්ව්යු මිලිග්රැේම් 4350 ක් සහ මිලිග්රැංම් 4390 ක් සොයාගෙන තිබේ.
මෙයින් මීරිගම ප්රිදේශයේ පදිංචි සැකකරුට තම බිරිදගේ අනියම් පෙම්වතාට ඇසිඩ් ගැසීමට හෝ අත පය කඩාදැමීමට ඊශ්රාියලයේ සිටින ශ්රීි ලාංකිකයෙකු රුපියල් ලක්ෂයක කොන්ත්රාෝත් එකක් ලබාදී තිබූ බවටත් අත්තිකාරම් ලෙස රුපියල් 20000 ක් ලබාදී තිබූ බවටත් පසුව කල පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
රන්මිණිතැන්න ප්‍ර දේශයේ පදිංචි අනියම් පෙම්වතාගේ ජායාරූපයක් වට්ස් ඇප් මගින් සැකකරුට ලබාදී තිබුණ බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් පෙරේදා (08) තිස්සමහරාම මහේස්ත්රානත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙසැම්බර් මස 12 දා තෙක් රදවාගෙන ප්රමශ්ණ කිරීමට තිස්සමහරාම පොලිසියට අනුමැතිය ලබාදී තිබේ.
කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ පොලිස් පරීක්ෂක මඩපාත මහතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් සැකකරුවන් අත් අඩංගුවට ගත්හ.
14) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්රිික් කාර්යාලය මගින් අත්තනගල්ල අධිකරණ බල ප්රටදේශයේ කළගෙඩිහේන, බෝගමුව යන ප්රකදේශවල සිදුකල වැටලීම්වලදී කීරි සම්බා සහ සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට විකුණූ වෙළෙදුන් 06 දෙනෙකුට විරුද්ධව අත්තනගල්ල අධිකරණයේ නඩු පවරා රුපියල් ලක්ෂ 08 ක දඩයක් අයකර ගැනීමට හැකි වූ බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙහිදී නාඩු සහල් කිලෝ එකක උපරිම සිල්ලර මිල වන රුපියල් 230 ට වඩා වැඩි මිලට එනම් නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් බැගින් විකුණූ අත්තනගල්ල කලගෙඩිහේන ව්යා පාරික ස්ථානයකට සහ කීරි සම්බා සහල් කිලෝ එකක උපරිම සිල්ලර මිල වන රුපියල් 260 ක මිලට වඩා එනම් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310 බැගින් විකුණූ කලගෙඩිහේන බෝගමුව සුපරි වෙළඳ ආයතනයක් සදහා රුපියල් ලක්ෂ 02 බැගින් ලක්ෂ 04 ක මුදලක්ද, පානීය ජලය මිලි ලීටර් 500 බෝතලයක් සදහා රජය පනවා ඇති පාලන මිල වන රුපියල් 70 ට වඩා වැඩි මිලට එනම් රුපියල් 100 බැගින් විකිණීම සිදුකල වෙළදුන් 04 දෙනෙක් සදහා රුපියල් ලක්ෂය බැගින් ලක්ශ 04 ක මුදලක්ද අත්තනග්ල්ල මහේස්ත්රා7ත් මංජුල කරුණාරත්න මහතා පසුගිය 05 වනදා නියම කරන ලදි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්රිුක් ප්රාදානී උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන නිලධාරීන් වන ශානිකා ඉහලවත්ත සහ සිසිර මුදන්නායක පැමිණිල්ල මෙහෙයවීය.
15) ගංවතුරින්සිදුවුහානියවෙනුවෙන්රජයමගින්ලබාදෙනමුදලින්මවක්හාදියණියක්ප්රථමයෙන්මතමරූපලාවන්යකටයුතුකරගත්බවජා-ඇලප්රදේශයේකනින්කොණින්ඇසෙයි.
පසුගියදිනවලදීඇතිවුගංවතුරින්සිදුවුහානියවෙනුවෙන්රජයමගින්ආපදාවටලක්වූවන්ටඑමආපදාවේප්රමාණයඅනුවවන්දිමුදල්ගෙවීමආරම්භකළේය. එහිදීප්රථමයෙන්සියනිවාසවලපදිංචිවීමසදහානිවසපිරිසිදුකරගැනීමේකටයුතුවෙනුවෙන්රුපියල් 25000/= කමුදල්ප්රමාණයක්ප්රථමයෙන්ලබාදෙනුලැබීය. එහිදී ගංවතුරින්සුළුවශයෙන්නිවාසයටවුවන්ටහානිවාසසම්පූර්ණයෙන්මයටවුවන්ටඑමමුදලලබාගැනීමටහැකිවිය. ජා-ඇලප්රදේශයේදඑලෙසසුළුවශයෙන්සියනිවසයටවුපිරිසකටදමෙමමුදල්ලබාගතහැකිවිය. එමනිවසේදියණියටහාමවටසිත්වුයේනිවසශුද්ධපවිත්රකරගැනීමටපෙරතමවතපිළිසකරකරගැනීමටය. ඒඅනුවඔවුන්තමන්ට ලැබුණුවන්දිමුදලෙන්වැඩිකොටසක්යොදවාප්රථමයෙන්මසැලූන්යකටගොස්ෆේෂල්එකක්කරගත්බවජා-ඇලප්රදේශයෙකනින්කොණින්ඇසෙයි.
16) ඓතිහාසික රුහුණු මහාකතරගම දේවාලයේ 13 වැනිබස්නායක නිළමේලෙසතිළිණ මධුසංඛ මහතා ඊයේ(09) පැවතිනිළවරණයෙන්නිතරගයෙන් පත්විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජි. සේනාරත්න මහතා ගේ මුලිකත්වයෙන්මොණරාගලදිස්ත්රික් ලේකම් කාර්යලයේදිිමෙමනිළවරණයපැවැත්විය.
මෙමනිළවරණය සදහාකතරගම කිරිවෙහෙර .කතරගමශ්‍රී අභිණවාරාමවිහරස්ථානය. වැඩසිටිකන්ද රාජමහා විහාරය.සෙල්ල කතරගම මහාසෙන්රාජමහාවිහාරය. කොටබෝවකුඩාකතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා. සහමොණරාගලදිස්ත්රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්මෙම නිළවරණය සදහා ඡන්ද පුකාශකිරීමට පැමිණ සිටියහ.
ආරච්චිගේතිළිණමධුසංඛ මහතා කතරගම දේවාලයේ වැඩබැලුබස්නායක නිළමේලෙසතාවකාලික පත්කරසිටියහ.
මෙයටඅමතරව දෙවිනුවර මහාවිෂ්ණු දේවාලයේ දබස්නායක නිළයමදුසංකමහතා විසින් දරනුලබයි.
මොණරාගලදිස්ත්රික් ලේකම් ඒ.ජි.නිසාන්තමහතාදඑක්විිසිටියහ.
බස්නායක නිළයසදහාඅපේෂක මහතුන් 05 දෙනකු ඉදිපත්විය.
එම පිරිස ගේනමකිසිදු අයකුයෝජනාකිරීමට කිසිදු අයකුඉදිරිපත්නොවීමදවිශේෂත්වයෙකි.
අනුවරුහුණුකතරගමමහාදේවාලයටපත්කළනවබස්නායකනිලමේවරයාටඉදිරිවසරපහකකාලයක්තමධූරයේකටයුතුකිරීමසඳහානෛතිකවබලයහිමිවිය
17) මෙරටටහොරරහසේගෙනඑනලදරුපියල්ලක්ෂ 80 ක්පමණවටිනා තීරුබදුරහිතමැන්චෙස්ටර්වර්ගයේ සිගරට්පනස්දහසක්දීපව්යාප්තසුරාබදුවිශේෂමෙහෙයුම්ඒකකයමගින් පෙරේදා ( 08 වැනිදා ) පස්වරුවේඅත්අඩංගුවටගෙනඇත.
ඒසමගමමීටසම්බන්ධපුද්ගලයින්දෙදෙනෙකුසුරාබදුවිශේෂමෙහෙයුම්ඒකකයභාරයටගැනිණි.
සුරාබදුවිශේෂමෙහෙයුම්ඒකකයටතීරුබදුරහිතසිගරට්අලෙවිකිරීමසදහාසීදුව , රද්දොලුවනගරයටපුද්ගලයෙකුපැමිණසිටිනබවටලද තොරතුරක් මත සිදුකරනලද වැටලීමකදීඑමපුද්ගලයාතීරුබදුරහිතමැන්චෙස්ටර්වර්ගයේසිගරට් 200 ක්අඩංගුකාටුන්එකක්සමගඅත්අඩංගුවටගැනීමටහැකිවිය.
පසුවඔහුගෙන්දීර්ඝලෙසප්රශ්නකොටඔහුගේප්රකාශමතකොටුගොඩප්රදේශයේනිවෙසකසඟවාතිබිතවත්
තීරුබදුරහිතමැන්චෙස්ටර්වර්ගයේසිගරට් 49 , 800 ක්අඩංගුකාටුන් 249 ක්සමග තවත්පුද්ගලයෙකුදඅත්අඩංගුවටගන්නාලදී.
අත්අඩංගුවටගන්නාලදමේපුද්ගලයින්දෙදෙනාරද්දොලුවහාකොටුගොඩයනප්රදේශවලපදිංචිවයසඅවුරුදු 37 හා 38 වනවියේපසුවන්නන්වනඅතරඔවුන්මීගමුවමහේස්ත්රාත්අධිකරණයටඉදිරිපත්කිරීමට නියමිතවතිබිණි.
මේවැටලීමටසුරාබදුකොමසාරිස්ජෙනරාල්එම්බිඑන්. ඒ. පේමරත්න , නියෝජ්යසුරාබදුකොමසාරිස්තිස්සකුමාරරාජපක්ෂහාසුරාබදුඅධිකාරිපී.එන්. හේමන්තයනමහත්වරුන්ගේඅධීක්ෂණයයටතේදීපව්යාප්තසුරාබදුවිශේෂමෙහෙයුම්ඒකකයේස්ථානාධිපතිප්රධානසුරාබදුපරික්ෂකනිරෝෂ්ජයකොඩිමහතාගේඋපදෙස්අනුවඑහිසුරාබදුපරික්ෂකසංජයනිශාන්ත , සුරාබදුසැරයන්මේජර්වරුන්වනලොකුපිටිය , රවිපෙරේරා , සුරාබදුනියාමකවරුන්වනචමින්ද ( 827 ) , නිශ්ෂන්නන් ( 1135 ) , චානුක ( 1176 ) හාසුරාබදුරියදුරුදුමින්දයනනිලධාරීහුඑක්වීසිටියහ.
එහිදිමේවැටලීමටඑක්වුසුරාබදුඅධිකාරිපීඑන්හේමන්තහා එහිස්ථානාධිපතිප්රධානසුරාබදුපරික්ෂකනිරෝෂ්ජයකොඩියනමහත්වරුන් ඇතුළුසුරාබදුනිලධාරීහු අත්අඩංගුවටගත්සිගරට්සමගමෙහිවෙති.
18) බොරලැස්ගමුව නගර සභාවට අයත් පැපිලියාන ප්රිදේශයේ අලූබෝගහ වත්ත පටුමග සහ පළමු පටුමග යන මාර්ගවල සිදු කරමින් පවතින මාර්ග සංවර්ධන ව්යාටපෘතියක තත්ත්වය සොයා බැලීම සඳහා පා ගමනින් යමින් සිටි බොරලැස්ගමුව නගර සභාවේ පැපිලියාන කොට්ඨාශයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්රීනවරිය වන ලලනා ප්‍රි යදර්ශනී මහත්මියගේ අත්බෑගය (08) වන දින දහවල් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
නාගරික මන්ත්රීදවරිය පාගමනින් නැදිමාල පාර ඔස්සේ අළුබෝගහ වත්ත පාර පිහිටි ස්ථානය වෙත යමින් සිටියදී එකවරම පැමිණි රතු පැහැති ත්‍රී රෝද රථයකින් තමන්ගේ උරහිසේ එල්ලාගෙන තිබූ අත්බෑගය උදුරාගෙන කොල්ලකා පලා ගිය බවට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ අනුව ත්රීර රෝද රථය හා කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.
මන්ත්රීථවරියගේ අත් බෑගයේ මුදල් පසුම්බිය හා ජංගම දුරකථන කුඩා කරාබු යුවලක් මෙන්ම ජාතික හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි රැසක් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවද පොලිසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් මාර්ගය දෙපස නිවාස හා ව්යා්පාරික ස්ථානවල සවිකරර ඇති සී.සී.ටීවී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධියට අදාළ සැකකරුවන් සහ ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි

