මන්නාරම් දිස්ත්‍රික්යේ සතියක කාලයක සියලුම මස් වර්ග විකිණිම තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති කේ.ඒ. පී බොරලැස්ස මහතා පවසයි.

මෙයට අමතරව දිවයින පුරා මස් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවත් ජනතාව මස් මිලදී ගැනීමේ දී සැලකිලිමත් වෙන ලෙසද බොරලැස්ස මහතා පවසයි.

මේ අනුව ජනතාවට ප්‍රකාශ කරන්නේ මස් කෑම හෝ මිල දී ගැනීමේ දී අවධානයෙන් කටයුතු කරන හැටියටත් මස් කෑම තහනම් කියන කතාවක් නොවන බව ද ඒ මහතා කීය.

මන්නාරම් දිස්ත්‍රික්කයට දින හතක තහනමක් තිබුන ද අනෙක් දිස්ත්‍රික් වලට එවැනි තහනමක් නොමැති බවත් ජනතාව  මස් මිල දී ගැනීමේ දී අවධානයෙන් කටයුතු කරන මෙන් ද ඒ මහතා කීය.   

ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මිය යාම සිදු වූ බවත් එම මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොලට පැමිණීම වැලැක්වීමට මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම, විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ඒ මහතා කීය.

එබඳු අවස්ථා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙස ද එසේ නොහැකිවන අවස්ථාවල දී දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926 ට දැනුවත් කරන ලෙස ද ඒ මහතා පැවසීය.

මන්නාරම් දිස්ත්‍රික්කයේ හා තවත් ප්‍රදේශ රැසක  ගං වතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම,ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බව ද ඒ මහතා පැවසිය.

විශාල  වශයෙන් ගවයන් එළුවන් කුකුළන් වැනි සතුන් ආපදාවේ දී  මියගොස් තිබෙන බවත් එම සතුන්ගේ මස් විවිධ ආකාරයට සංවිධානාත්මක පිරිසක්  මස් පිණිස වෙළෙඳ පොළට සපයන බවට ලද තොරතුරු ම මෙම තීරණය ගත් බව ද ඒ මහතා පැවසීය‍.

ආපදාවේ දී අනතුරුට පත් වූ රෝගි භාවයට පත් වූ, තුවාල වූ සතුන් හොර රහසේ ඝාතනය කර මස් පිණිස වෙළෙඳ පොළට ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති නිසා මෙම තහනම් හා සීමා කිරිමේ අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට  සෞඛ්‍ය අංශ පියවර ගත් බව ද ඒ මහතා කීය.

මෙවැනි වැරදි වැඩ කරන පුද්ගයන් සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව ද මෙවැනි අකටයුතු කම් සිදුකර සතුන් මරා වෙළෙඳ පොළට මස් ගෙන එන පුද්ගලයන් සම්බන්ධයයෙන් වහාම ජනතාව ආරක්ෂක අංශ හා අපගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද ඒ මහතා පැවසිය.

Share.
Leave A Reply