ගංවතුරෙන් හානියට පත් ළිං පිරිසිදු කිරීමේ වැඩ සටහන රජය මේවන විට ක්‍රියාත්මක කර තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් ගංගා හා ඇල මාර්ග පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වය මගින් බොහෝ ප්‍රදේශවල පානිය හා අනෙකුත් අවශ්‍යතා සඳහා භාවිතා කරන ලද වල ළිං සහ නල ළිං බොහෝ ප්‍රමාණයක් බලපෑමට ලක් වූ බව ජල සම්පත් මණ්ඩලය සභාපති ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පවසයි.
මෙහිදී බොහෝ ළිං පූර්ණ වශයෙන් ජලයෙන් යට වූ අතර එම හේතුවෙන් මෙම ළිං භාවිතා කිරීමට නොහැකි තත්ත්වයට පත්වී ඇති බව ද ඒ මහතා කීය.
මෙහි දී ගංවතුරෙන් හානියට පත් වූ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජලය ලබාගන්නා ජල මුලාශ්‍ර, වෙනත් ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා යොදාගනු ලබන ජල මුලාශ්‍ර, පොදු ජල මුලාශ්‍ර මෙන්ම මහජනතාවගේ පුද්ගලික වල ළිං නැවත භාවිතයට ගත හැකිවන පරිදි පිරිසිදු කරදීම සඳහා අවශ්‍ය කටයුතු ජල සම්පත් මණ්ඩලය මේ වන විට සිදු කරගෙන යන බව ද ඒ මහතා කීය.
මේ සදහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රාදේශීය සභාවල නිලධාරීන් හා සම්බන්ධීකරණය වෙමින් ඒ ඒ ප්‍රදේශවල පවතින ප්රමුඛතාවයන් අනුව අදාළ ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ වන විට පුත්තලම, කෑගල්ල දිස්ත්‍රික්කවල මෙම කාර්යයන් ආරම්භකර ඇති බවද ඒ මහතා පැවසීය.
මෙම වැඩසටහන පළාත් කාර්යාල මට්ටමින් සේවා අවශ්‍යතාවය මත සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කීය.
කොළඹ,ගම්පහ,රත්නපුර,කෑගල්ල,කුරුණෑගල,පුත්තලම,අනුරාධපුර,පොලොන්නරුව,වව්නියාව,බදුල්ල, මොනරාගල, අම්පාර,යාපනය,කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්ක මුල් කරගෙන සිදු කරන බවද ඒ මහතා කීය.
අවශ්‍ය තොරතුරු හා සම්බන්ධීකරණය සඳහා සහකාර සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) ඒ.එස්.එම්.එන.බී.සමරකෝන් මහතා (071- 441 4681) හා සහකාර සාමාන්‍යධිකාරී විදුම් (වැඩ ආවරණ) එච්.ඩි.යු.හෙට්ටි ආරච්චි මහතා (071-6974068) සම්බන්ධ කරගත හැකි බවද ඒ මහතා කීය.

