ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුලියත් සමඟ ඇති වූ ස්වාභාවික ව්‍යසනයන්ට පසු සංචාරක කර්මාන්තය යළි ශක්තිමත් ලෙස නැගී එමින් කොළඹ වරායට ලඟා වූ මයින් ෂිෆ්අති සුඛෝපභෝගී මගී නෞකාව පැමිණියේ ය.

අමාත්‍ය විජිත හේරත් මහතා මෙම විශාල නෞකාව නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පැවසුවේ සුපුරුදු පරිදි සංචාරකයින් ලංකාවට පැමිණෙනවා. අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයමින් සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යනවා.

ජර්මානු TUI Cruise සමාගම මඟින් පාලනය වන, 900ක සේවක බළකායක් සහිත මයින් ෂිෆ්නෞකාව 2700කට අධික ජර්මානු සංචාරකයින් රැගෙන කොළඹ වරායට ළඟා වූ අතර, මෙය මේ වසරේදී ලංකාවට පැමිණි විශාලතම අති සුඛෝපභෝගී නෞකාව ලෙස සටහන් විය.

පැමිණි සංචාරකයින්ගෙන් 1600කට වැඩි පිරිසක් චාරිකා සඳහා එක්ව සිටින බවද ඒ මහතා පැවසීය.

ගාල්ල, මාදු ඔය, කළුතර, කොළඹ සහ නගර සෞන්දර්ය පෙන්වන ස්ථාන වෙත ඔවුන් ගමන් කළ බවද ඒ මහතා පැවසිය.

මෙම සංචාරයන් සඳහා බස් 72කට අධික සංඛ්‍යාවක් සහ වෑන් 30ක පිරිසක් යොදාගනු ලැබ ඇතිබවද ඒ මහතා පැවසීය.

ස්වභාවික ව්‍යසනයන් නිසා සංචාරකයින් අඩුවෙයි කියලා කිවුවත් ඇත්තෙන්ම එහෙම වෙලා නැහැ. අද මෙහි 2700ක් පමණ සංචාරකයින් ලංකාවට පැමිණී සිටිනවා. කාලගුණය දීමදීම යහපත් වෙමින් පවතින නිසා,අපි සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න කැමතියි.අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලත් සැකසීමට කඩිනමින් කටයුතු කරනවා.

Share.
Leave A Reply