අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්
ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන් දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 117, කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය 0112434028 සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක හදුන්වා දුන්නේය.
මීට අමතරව පිළිගත් ජනමාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රවෘත්ති හා හදිසි නිවේදන වලටද අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දන්නවන ලදී.
මේ අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ මහතා, දේවානන්ද සුරවීර මහතා, සුසුන්ත දොඩාවත්ත මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය, එස්.එම්.මරික්කාර් මහතා(ස.ජ.බ. ) සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාව, ශ්‍රී ලංකා හමුදාව, ශ්‍රී ලංංකා පොලිසිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, බස්නාහිර පලාත් සභාව, කොළඹ මහ නගර සභාව, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය යන ආයතන නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු කමිටු සාමාජිකයන් සහභාගි විය.

