ලංකාවේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් සීයයට 75ක් ජීවිතයේ එක්වරක් හෝ අපයෝජනයට ලක්ක් වි ඇති බවද ඇය කීවාය.
නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා වාර්ෂිකව සමරනු ලබන කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති උත්සවයක දී ඇය මේ බව ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස්දෙනකුගෙන් එක් අයෙකු හෝ සියයට 20 ක් ගෘහස්ථ හිංසනයට මුහුණ දී ඇති බවයි.
2024 ගෝලීය සංඛ්‍යාලේඛන උපුටා දක්වමින්, ලොව පුරා කාන්තාවන් මිලියන 315 ක් ශාරීරික, මානසික සහ ලිංගික අපයෝජන ඇතුළු යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බව ද ඇය පැවසුවාය.
කාන්තාවන්ට එරෙහි හිංසනය අඩු කිරීම සඳහා සමාජයේ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව පෙන්ව දුන් අමාත්‍යවරිය පැවසුවේ, අධ්‍යාපනය සහ දැනුවත්භාවය තුළින් සමාජය සුවපත් කර ප්‍රචණ්ඩත්වය වළක්වාගත හැකි බවයි.
ආරක්ෂිත පරිසරයක් සඳහා දරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම වසරේ යෙදී ඇති කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ අන්තර්ජාතික දිනයේ තේමාව වන්නේ සියලු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීමට එක්වන්න යන්නයි.

