රටේ ජනගහනය අතර සියයට 10ක් දෙනා වකුගඩු රෝගීන් බවට පත්ව ඇති බවත් වැඩිහිටි ජනගහනය අතර මෙය සියයට 15ක් දක්වා වර්ධනය විය හැකි බවත් මාළිගාවත්ත වකුගඩු රෝහලේ වකුගඩු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය සඳහන් කළාය.
වකුගඩු රෝගය ප්‍රධානතම හේතු බවට පත්ව ඇත්තේ බෝනොවන රෝගයන් වන දියවැඩියාව, පාලනය නොකළ අධිරුධිරපීඩනය, කොලෙස්ට්‍රෝල තැන්පත්වීම්, වන අතර එයිනුත් දියවැඩියාව ප්‍රධාන ස්ථානය ගන්නා බව ඇය කීවාය.
වකුගඩු රෝගී වීමට වස විස ශරීර ගතවීමද ප්‍රධාන තැනක් ගන්නා අතර සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ අලේපනයන්, මාශපේෂී වර්ධනය සඳහා භාවිත කරන විටමින් යැයි කියා ගන්නා ආහාරමය අතිරේකයන් ද හේතුවක් වන බව වෛද්‍ය අනුපමා පවසා සිටියා ය.
සුදු වීම සදහා භාවිත කරන විවිද අලේපනයන් වකුගඩුවලට විස සහිත බව ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් පිලිගෙන ඇති බවද ඇය කීවාය.
මීට පෙර උතුරු මැද පළාත ප්‍රමුඛ කොට ගනිමින් ප්‍රදේශ ගණනාවක හදුනා නොගත් වකුගඩු රෝගයක් පැතිර ගිය නමුත් පැවති රජයන් මගින් ක්‍රියාත්මක කල විවිධ වැඩ සටහන් හේතුවෙන් රෝගයට ගොදුරු වන පිරිස මේ වන විට අවම කර ගැනීමට හැකිව ඇති නමුත් මේ වන විට වකුගඩු රෝගී වීමට බලපා ඇති බරපතලම ප්‍රශ්නය ලෙස දියවැඩියා හදුනාගෙන ඇති බව විශේෂඥවරිය කීවාය.
මේ වන විට වකුගඩු බද්ධ කිරිම් සහ රුධිර කාන්දුපෙරණයන් වැඩිවෙමින් පවතින බවත් පසුගිය වසර තුලදී පමණක් මාළිගාවත්ත වකුගඩු රෝහල තුළ වකුගඩු බද්ධ කිරීම් 48ක් සිදු කල අතර මේ වසර තුල දී මේ වන තෙක් සිදු කර ඇති බද්ධ කිරීම් සංඛ්‍යාව 22ක් බවද ප්‍රකාශ කළාය.
වකුගඩු රෝගීන් වෛද්‍ය ප්‍රතිකාරයන් සදහා යොමු වන්නේ අවසාන අධියරේ වීම හේතුවෙන් ඔවුන්ට ඖෂධ ප්‍රතිකාරයන් මගින් රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නොමැති වීමෙන් රුධිරකාන්දුපෙරණයට හෝ බද්ධ කිරීමකට යාමට සිදුවනු ඇති බව ද විශේෂඥවරිය අවධාරණය කලාය.
මේ තොරතුරු අනාවරණය කරන ලද්දේ (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

