21 වන දී මේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කිරීම සනිටුහන් කෙරෙන නුගේගොඩ රැලියට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, එජාප, ශ්‍රිලනි.පිවිතුරු හෙළ උරුමය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රි ලංකා මහජන පක්ෂය , ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන පක්ෂ ඇතුලු විපක්ෂය නියෝජනය කරන දේශපාලන විශාල සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක් එක්ව සිටිනවා.
විපක්ෂයේ සමහර දේශපාන පක්ෂවල මන්ත්‍රිවරු ආණ්ඩුවට එරෙහිව පවත්වන ප්‍රථම විරෝධතා රැළියට ඔවුන්ගේ සහයෝගය පළ කිරීමට ජනතාව අගර රැදී සිටිම් රැස්වීමට අවට දැනුම් දී තියනව. ඒ සියලු දෙනාගෙන් ලැබෙන සහෝදරත්වයට අපි හිස නමා ආචාර කරනවා.
අපිට තිබෙන සීමිත සම්පත් සමඟ මෙම රැස්විම සංවිධානය කිරීමේ දී අපට තිබු ලොකුම අභියෝගය වූයේ මේ සඳහා ප්‍රචාරයක් ලබා දීම පිළිබඳවයි.
නමුත් ආණ්ඩුව විසින් ලංකා ඉතිහාසයේ විපක්ෂයේ රැළියකට ලැබුණු වැඩිම ප්‍රචාරය 21 වන දා පැවැතිවෙන නුගේගොඩ රැළියට ලබා දී දිබෙනවා. ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමතිවරු දිනපතා නුගේගොඩ රැළිය සිහි පත්කරන්නට අමතක කළේ නැහැ. මේ රැළිය සාර්ථක කර ගන්නට විපක්ෂයසෙහෝදර පක්ෂ වාගේම ආණ්ඩුව පැත්තෙන්ද ලබා දෙන සහයෝගය කෘතවේදී ව සිහිපත් කරනවා.
මේ රැළිය පවත්වන්න් කළින් මෙය ඉතිහාසයේ සාර්තක රැළියක් බවට පත්ව අවසන්.ඊට හේතුව ආණ්ඩුවක් බියට පත් කළ තවත් රැළියක් ලංකා ඉතිහාසයේ කිසිදු දිනක වර්තා වන්නේ නෑ.
ජනාධිපති ඇතුලු ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක් කියන්නේ ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය 21 වන දා රැළිය සාර්ථක කර ගන්න විපක්ෂය කළ උපක්‍රමයක් ලෙසයි. එහෙනම් අර එස්.එස් පී මහත්තයා හාමුදුරුවන් සමඟ සාකච්ජාවට ගිහින් චණ්ඩි පාට් දාන්න කිව්වේ අපි ද ? ඒ වගේ ම වැට කපලා හාමුදුරුවන්ට පහර දීලා බුදු පිළිමය පැහැරගෙන ඒමට පොලිසියට උපදෙස් දුන්නේ අපිද? දෙහිවල නගර සභාවේ බදු පිළිමිය ඉවත් කරන්න උපදෙස් දුන්නේ අපිද ? සභාවල පන්සිල් ගැනීම තහනම් කළේ අපි ද, පිළිම වන්දනාව ගොතීකයි කියු ඇමති වරයා අපේ කෙනෙක් ද, බෝගස කියන්නේ කිසිම වැඩකට නැති ගහක් යැයි කියු නලින් හේවගේ අපේ කෙනෙක් ද ? බදු දහමට හිමි ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවාය කියලා වැතිවරණ ප්‍රකාශයට දැම්මේ අපි ද ?
ලංකා ඉතිහාසයේ බුදු පිළිමයක් අත් අඩංගුවට ගත් පළමු වන පාලකයා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පත් උනා. දේවදත්තගේ උපදෙස් මත කටයුතු කළ අජාසත්ව රජතුමාවත් බුදුන් වහන්සේ අත්අඩංගුවට ගන්න උස්සාහ කළේ නෑ. නමුත් බුදු පිළිමයක් අත්අඩංගුවට ගත්තාය කියන්නේ බදුන් වහන්සෙ අත්අඩංගුවට ගැනීම වැනි සමස්ථ බෞද්ධ සමාජයේම කම්පාවට පත් වුණු සිදු වීමක්. ඒ වගේම මේ රට පාලනය කළ අධිරාජ්‍ය වාදීන්වත් බුදු දහමට මෙසේ අපහස කළේ නැහැයි කියන කාරණාව අප ඉතා කම්පාවෙන් සිහිපත් කරනව.
ඒ වගේ ම නුගේගොඩ රැස්විම පැවැත්වීමට පොදු ප්‍රතිපත්තියක් නැතැයි කියා සමහරු චෝදනා එල්ල කල අයට අප කියන්නේ අපි හැමෝම පොදු තේමාවක් තුළට එකතු වෙලා තමයි මේ රැස්වීම පවත්වන්නේ. ආණඩුව දුන් පොරෙන්දු සිහිපත් කිරීම, මේ මොහොතවන විට ඉහ වහා යමින් පවතින ආණ්ඩුව තුළ උඩු දුවන දුෂණය නැවත් වනු, භිෂණය නවත්වනු යන තේමා තුන පදනම් කරගෙන මේ රැළිය පවත්වනවා.
මේ තේමාවන් තුනට එකතුවන තමන්ගේ පක්ෂය කුමක් වුනත් ආණ්ඩුවේ බොරුව, දුෂණය,භිෂණය නැවැත්විය යුතුයි කියා විස්වාස කරන සෑම කෙනෙක්ම 21 වන දා සිටිය යුතුතේ නුගේගොඩ පමනමයි කියන කාරණය අප සිහිපත් කරනවා.
ආණ්ඩුව මේ වන විට නුගේගොඩ රැළිය සම්බන්ධයෙන් බියට පත්වෙලා කරන බොරු ප්‍රචාර එක්ක අපට සැකයක් තිබෙනවා. ඉදිරි දින වල සමාජ මාධ්‍ය වල නුගේගොඩ රැළිය අවෝසි කළා කියලා ප්‍රචාරයන් යැවීමේ අවධානමක් තියනවා. ඒ නිසා ජනතාව දැනුම් දෙනවා මහ වැසි වස්සත් මහ සුළං හැමුවත් ආණ්ඩුව ඇදීරි නීතිය පැනවුවත්, අපේ රැස්වීම තහනම් කළත් මේ රැළිය 21දා නුගේගොඩ පවත්වනවා මයි. ඒ නිසා ආණ්ඩුවේ බොරුවට රැවටෙන්න එපා යැයි අප ජනතාවගේ ඉලා සිටිනවා.
ඒ වගේම නුගේගොඩට මහ සෙනඟක් එනව වගේ ම මාලිමාවට තවමත් සෙනෙඟ ඉන්නවාය සිටිනවා ය කියලා පෙන්නන්න ආණ්ඩුව අද ( 20) දිනයේ තංගල්ලේ රැස්විමක් කඩිමුඩියේ සංවිධානය කර තියනවා. ඒකට සෙනඟ ගේන්න භාර දී තියෙන්නේ පොලිසියට.ප්‍රජා පොලිසියේ නිලධාරින්ට තම කොට්ඨාසවලින් සෙනෙඟ ගේන්න දැනුම් දී ඇති බව පොලිසියෙන් අපට දැන ගන්නට තියනවා.
අද ජාතික ජනබල වේගය ජාතික කුඩු බලවේගය බවට අද වන විට පත්ව අවසන්. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඉවත් වෙනුය කියන් අවශ්‍ය නම් මහ ජනතාවට රැළි පවත්වනවා වෙනුවට ආණ්ඩුව කළ යුතු වන්නේ ජාතික ජන බලවේගයේ නැතිනම් ජාතික කුඩු බල වේගයේ මහා සමුළුන් පවත්වා තම පාක්ෂිකයින්ට ඉවත් වනු කියා දැනුම් දුන්නා නම් මේ මත් ද්‍රව්‍ය ජාවාරම නතර කර ගැනීමට හැකියාව තියනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා
මේ රටේ ජනතාව අනුර කුමාර චාරිය ගැන ලොකු විස්වාසයක් තැබුවා. ඒ විස්වාසය තැබුවේ අකුර කුමාර කියන විපක්ෂයේ හිටපු දේපාලඥයා කී කරුණු කාරණා පොරොන්දු මතයි.ඒ අනුව මේ රටේ ජනාධිපති කම පමනක් නොව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දෙන්නට ජනාතව කටයුතු කළා. නමුත් ඒ විස්වාසය බිද දමා රැවටිලි කාරයෙක් වංචනිකයෙක් බවට පත්වන්නට ජනාධිපතිවරයාට ගත වුයේ අවුරුද්දකටත් වගේ අඩු කාලයක්. ඒ අනුව මේ ජනාධිපතිවරයාට එරෙහිව නැගී එන ජනතා විරෝධයට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමටයි මේ විපක්ෂය පක්ෂය හැටියට ලෙස අපි එක්ව සිටින්නේ.
මේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් විකෘති කරමින් සියලුම ප්රජාතන්ත්රවාදි ප්රවාහයන් අවභාවිතයන් කරමින් සිදු කරන මේ ක්‍රියාවලිය නවත්වන්න කියන කාරණ මෙහි එක් අරමුණක් වෙනවා.
මේ තරම් කෙටි කාලයකින් ඉතිහාසයේ බලයට පත් වු කිසිදු ආණ්ඩුවක් මේ ආකාරයට ජනතා අප්‍රසාදයට පත් වුනේ නෑ. ඒ අනුව අපිට පැවසිය හැකියි 21 වන දා නුගේගොඩ නගරයේ පැවැත්වෙන රැළිය ඉතිහාසයේ දැවැන්තම රැළිය බවට පත්වන බව.
එජාප නියෝජ්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.
මේතන තියෙන්නේ ආණ්ඩු විරෝධි බලවේගයක් නිර්මානය කිරීමේ දී ආණ්ඩු විරෝධි පක්ෂයක් හැටියට අපිත් සහභාගි වනව.මේ රට ව්‍යවසනයකට පත් වු වෙලාවක පකෂ පාට වලින් තොරව සම්බන්ධ වු පිරිසක් මෙතන සිටිනවා.
අද බේක් නැති වාහනයක් පල්ලමක යනව වගේ දකින කොට ඒ වගේ අපේ රට කියන වාහනය වැටෙන්න දෙන්න දිලා බලා සිටින්න අපිට හැකියාවක් නෑ. මම හැමදාම කීවා වගේ වැඩක් කරන්න දුන්නෙත් නැති වැඩක් කරන්න දන්නෙත් නැති ආණ්ඩුවක් තමයි දැන් අපේ රටේ තියෙන්නේ.
ආණ්ඩුවේ කරන්නේ මහ බොරුවක්. ඒ බොරුව මවාපාන්න එදා කළ ඒ වැඩ පිළිවෙල. ඒ විදියටම තමන්ගේ වගේ ඇඳගෙන කරගෙන යෑම රටේ ජනතාව දැනගත යුතුයි. මරණාධාර සමිතියේ සිටි කරන දේශපාලන පක්ෂයක් රටේ නිර්මානය කරන්නේ විනාශයක් කියලා රටට කියන්නේ අපි 21 වනදා.
නිදහස ලබා ගන්න විට මේ රටේ සියලුම පක්ෂ එක් වුවා වගේ රටකට අවශ්‍ය මොහොතේ දී එක් වීම පිළිගත් දේශපාලන පක්ෂවල ක්රමවේදයයි. 21 වන දිනට අපි මේ බලවේගය නිර්මාන්ය කරන්නේ මේ රටේ අන්ඳ කරල තියන මිනිසුන්ගේ ඇස් නැවත වතාවක් විවර කිරිම අපේ අදහසයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා
අපිට අයිතියක් තියනව බොරුවට රැව ටුණු අපේ අයට කියන්න රැව ටුනා ඇති දැන්වත් ඇත්ත දකින්න කියන කාරණය මතක් කරන්න. ඒ වාගේ ම රැවටුනේ මේ පොරොන්දු නිසා නම් ආණ්ඩුවට බල කරන්නට අපිට අයිතියක් තියනව. දුන් පොරොන්දු ඉටු කරන්න කියලා මතක් කරන්න.
මේ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු 1359 ක් තියනව. ඉන් දහයක්වත් මේ වන විට ඉටු කරලා නෑ. එක පෑන් පාරින් මහා වෙනසක් කරන බවටයි ජනතාවට පොරොන්දු උනේ. ඒ නිසා ජනතාව අපිව පැත්තකට තියලා මේ අයටත් දිලා බලමු කියලා ජනතාව ආණ්ඩුවට ජන්දය දුන්නා. අපේ රටේ සමස්ත ජනතාව රැව ටුනා. අපි ජනතාව කියන්නේ දැන් රැවටුනා ඇති ඇත්ත දක්න කියන කාරණය කියන්නනයි අපි 21 වන දා නුගේගොඩට රැස් වන්නේ.
පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ කිය.
රජය බලයට පත් වු පසු ලංකාවේ ප්රජාතන්ත්රවාදය පිළිබඳව බරපතල ගැටළුක් නිර්මානය වෙමින් තියනව.
අපි විස්වාස කරනව.එක්තරා විදියක ඒක පාක්ෂික ඒකාධිපතිත්වය කරා යන ගමනක ගමන් කරනවා කියන කාරණාව හිතේ තියාගෙන එක ගමනක් යන්න හැකි දේශපාලන ව්‍යාපාරයක් සඳහා අප සියලු දෙනා එකතු කිරීමේ අදහස ඇතුවයි මේය සිදු කරන්.
මේ පිළිබඳව පැවැති මුලික සාකච්ජාවේ දී මේ තරම් ජනප්‍රසාදයක් අප බලා පොරොත්තු වුනේ නෑ. නමුත් ඒ වගකීම ආණ්ඩුව භාර ගත්තා ආණ්ඩුව දැන් තැති ගැනීමකට ලක්ව ඇති බව ඒ අය කියන කතාවලින්ම පේනව. දේශපාලනයේ සතුරන් නෑ. දේශපාලනයේ සිටිය හැක්කේ විරුද්ධවාදියෙක්,මතවාදයක් හෝ විරුද්ධ පක්ෂයක්.
නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සූගීෂ්වර බංඩාර මහතා
අද අපේ රටේ තියෙන්නේ පාපිසි ආණ්ඩුවක්. මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආ 159 දෙනා හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න. ඒ නිසා ජනාධිපති වරයාට සිදුව තියනව දින පතා ඇවිත් අපුල්ලන්න හෝදන්න සිදු වෙලා තියනව.මේ විදියට යන්න උනොක් ජනාධිපතිවරයාට දවසක ගානේ ඇවිත් මේ 159 දෙනා හාන හෑම හොදන්න වෙනව. ඒ නිසා ජනාධිපති වරයාට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයා ඉතිහාස ගත වෙනවා වැඩි පුර වාර ගණනාවක් පාර්ලිමේන්තු ආ ජනාධිපතිවරයා ලෙස.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළමුල්ල මහතා
මේ අය ප්රතිපත්මය වශයෙන් උඩුයටි කුරුවෙලා. මේ අයගේ ප්‍රතිපත්ති වලින් මේ අය බැහැර වෙලා.බොරු පොරොන්දු ලබා දී වෘත්තිකයන් ජනතාව සියලුම දෙනා රවටා තියනවා. ප්රජාතන්ත්රවාදය හකුලා තියනව.ආණ්ඩුව දුන් පොරොන්දු ජනතාවට මතක් කරන්න අපට අයිතියක් තියනව.

