ජාතික ජනබලවේග එල් බෝඩි ආණ්ඩුව බුද්ධ පුත්‍රයන්ගේ බලය ගැන දන්නේ නැතුව නෝංජල් වැඩ කරලා ඉල්ලන් කෑ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසුහ.
ත්‍රීමලයේ අප විහාරයට පොලිසිය එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දුටු ඥානසාර හිමියෝ නිලධාරීන් බෞද්ධ ප්‍රජාවට සහ පන්සලේ කටයුතුවලට අගෞරව වන ආකාරයෙන් ක්‍රියාකර තිබෙන බව ද පැවසුහ.
ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිතිය බලාත්මක කිරීමේ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඊයේ (18) ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූහ.
එහි දී දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇමතු උන් වහන්සේ මෙසේ ද පැවසුහ.
ත්‍රිකුණාමලය බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමාව අනීතිකව ඉවත් කිරීමට පැමිණි NPP පොලිසියේ මුග්ධ මැර ප්‍රහාරයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පූජ්‍ය බළන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ සහ ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස ස්වාමීන්වහන්සේලාගේ සුවදුක් බැලීම සඳහා මම පැමිණියා.
මම කියන්න කැමැතියි පන්සලේ ජූස් බාර් එකක් දැම්මේ පන්සල නඩත්තුවට ආදායමක් ගන්න මිසක් වෙන වැඩ කට නොවෙයි. ඉතිං ආණ්ඩුවේ උබල කියන්නේ අපේ හාමුරුවන්ට මාළු බාන්න කියල ද? රට පුරා විවිධ ස්ථානවල තිබෙන ප්‍රජා භූමිවල මේ ආකාරයේ වෙළෙද කුටි විශ්‍රාම ශාලා ආදිය තියනව. පවත්වගෙන් යනව. ඒ කත තමයි ඇත්ත කතාව.
මේ මෝඩ අෂ්ස්ඨ අදුරුදර්ශී පුහු තර්ක මේ සිද්ධිය සම්බන්ධයෙන් ගෙන එන්න එපා. තක්ඩඩි පොලිසිය හිමිවරුන්ට පහර දුන්නු එක වැරදියි. පොලිසිය පහර දුන්නේ අප හිමිවරුන්ට විතරක් නොවෙයි. මහා සංඝයා වහන්සේටයි. මහා බුද්ධ ශාසනයටයි. මේ නිසා මේ පහර දීම සාංගීකයි.
රට පාලනය කරන මුන්දලා දන්නේ නෑ භික්සුවට තියෙන බලය. ඒ අයිතිය මේ වසර පහකට බලය ලැබුණු අයට උන්ට ඇත්තේ නෑ. අපි සුද්ධන් එක්ක සටන් කරලා අපේ බලය පෙන්ලා රට ජාතිය ආගම රැක ගත්තා. ඒ බලය මුන් දන්නේ නැතු උනාට අපි දන්නවා. මේ රටේ ජනතාව දන්නව.
ඒ නිසා අපි කියනව ආණ්ඩුවේ උබලට නැති බලයක් හයියන් අපිට තියනව. සසුනට ආගමිට දහමට හිමිවරුන්ට තියනව.
රාජ්‍ය නොවන සංවිධානවල උපමනාවට සමහර විට ආගම් ගැටුම් ඇති වන්නට කටයුතු කරන්නට උවමනායවක් තියනව වගේ පේනව. ඒ සියලුම පිරිස් සිටින්නේ ආණ්ඩුව එක්ක බව කියන් කැමැතියි.
කරපු වැඩය බාර ගන්න. මේ ආණ්ඩුව නෝංජල් ආණ්ඩුවක් එල් බෝඩ් ආණ්ඩුවක්.තක්කඩි ආණ්ඩුවක්.මේ ආණ්ඩුව ඉල්ලගෙන කෑවා. ඒ කෑවේ පොලිසිය දමලා පන්සලට අලාභ කිරීම හා හිමිවරුන්ට පහර දීම තුළින්. ඒ නිසා බුද්ධාගමට අත තියන්න එපා කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ පැවසූහ.
මැඩිල්ලේ පඤ්ඤාසීය ස්වාමීන් වහන්සේ ද මෙහි දි අදහස් දැක් වුහ.

