වන සුරැකුම කෙටි දුරකතන අංකයට පැමිණිලි 500ක් – 13කට නීතිමය ක්‍රියා මා ර් ග ගෙන තිබෙන බව පරිසරය අමාත්‍යංශය පවසයි.

පරිසර අමාත්‍යංශය පවසන පරිදි වනස්පති වැඩසටහන යටතේ හඳුන්වා දුන් 1995 කෙටි දුරකතන අංකයට දින 10ක් තුළ ඇමතුම් 500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

එම ඇමතුම් අතරින් පරිසර හානි සම්බන්ධ පැමිණිලි 61ක් ලැබී ඇති අතර වනාන්තර හෙලිපෙහෙලි කිරීම, වනසතුන්ට හානිය, කඩොලාන ගොඩකිරීම් වැනි සිද්ධීන්ට අදාළ බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ ය.

ලැබී ඇති පැමිණිලිවලින් 53ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල අතර 13 කට අදාළ විමර්ශන අවසන් කර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉතිරි 40කට පරික්ෂණ සිදු වෙමින් පවතින බව ද ඇමතිවරයා කීය.

වන ජිවි දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිලි 08ක් සම්බන්ධයෙන් ද  නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා කීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පරිසර හානි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව විශේෂ මෙහෙයුම් ඒකකයක් ආරම්භ කර ඇති බවයි.

මෙම ඒකකයේ අරමුණ වූයේ මහජන පැමිණිලි කඩිනමින් විභාග කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා පද්ධතියක් සවි බල ගැන්වීම යි.

Share.
Leave A Reply