ලෝකය පුරා සෑම වසරක ම ප්ලාස්ටික් ටොන් මිලියන 400 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය වන බවත් එම නිපැයුම දූෂණය පරිසරයට පමණක් නොව ආර්ථිකයට, සෞඛ්‍යයට සහ අනාගත පරම්පරාවන්ට ද දැඩි බලපෑම් සිදු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැති පරිසර වැඩසටහනක දී ඒ මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා රජය මේ වන විට ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීමට විධිමත් සහ කඩිනම් පියවර රැසක් ගෙන ඇති බවයි. තනි භාවිත ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් තහනම් කර ඇති බවත් එය රජයේ “පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්” ගොඩනගා ගැනීමේ කැපවීමේ ප්‍රකාශයක් බවයි.
නීති පමණක් ප්‍රමාණවත් නොවන අතර ජනතාවගේ සහාය රජයේ හරිත ප්‍රතිපත්තිවලට ලැබුණු විට සැබෑ පරිවර්තනයක් සිදු වන බවයි. මේ වන විට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඇති අතර ඝන හා කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නව කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු සිදු කරන බවත් ඔහු සඳහන් කළේ ය.
කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ද මෙම අවස්ථාවට එක් සිටියේ ය.

