ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 වන දිනට යෙදී ඇත. එම දිනයට සමගමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඊයේ (10) කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) 2016 වර්ෂයේ දී ජාත්‍යන්තර දිනයක් ලෙස නම්කර ඇති අතර, මෙරට දී එම දිනය සමරනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
කෙරටකෝනස් (Keratoconus ) යනු කෝනියාව හෙවත් ස්වච්චය යන ව්‍යුහයට බලපාන අක්ෂි රෝග තත්වයක් වන අතර මෙහි දී කෝනියාවේ සාමාන්‍ය උත්තල හැඩයෙන් මිදී ඉදිරියට නෙරා ඒම සිදුවේ. මෙම රෝග තත්වය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර පෙනිමේ දුර්වලතා ඇත්නම් කඩිනමින් අක්ෂි පරීක්ෂාවක් සදහා යොමුවිය යුතුය.
වයස අවුරුදු 10 – 20 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම ගොදුරුවන බවත් මුල් අවස්ථා වේදීම හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය පාලනය කිරීමට හැකියාව ලැබෙන බවත් නිතර නිතර ඇස් කණ්නාඩි මාරු කිරීමට සිදු වනවා නම් එය ද කෙරටකෝනස් රෝගී තත්ත්වයේ එක් පැතිකඩක් විය හැකි බවත් ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇති බවත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරු පැවසුහ.
World Keratoconus Day යනු වාර්ෂිකව නොවැම්බර් 10 දින සැමරුම් ලබන දිනයකි. මෙම දිනයේ අරමුණ වන්නේ Keratoconus නම් ඇස් රෝගය පිළිබඳ අවබෝධය වැඩි කිරීම හා රෝගීන්ට සහ ආරක්ෂක සංවිධානවලට සහයෝගය ලබාදීමයි.
Keratoconus යනු ඇස්හි cornea (ඇස් කවුළුව) ක්‍රමයෙන් නාස වළලු ආකාරයකට පෙනෙන ලෙස ඉස්සර කිරීමට හේතු වන දිගුකාලීන රෝගයක් වේ. මෙයින් දැක්ම අක්‍රමවත් වන අතර, කණ්ණාඩි හෝ contact lens මගින් පාලනය කළ හැකි නමුත්, වැඩි තත්ත්වයන්හි දී corneal transplant වැනි ශල්‍යකර්ම අවශ්‍ය විය හැක.
මෙම දිනය මගින් සමාජය තුළ නිරෝගී දැක්ම රැක ගැනීමේ වැදගත්කම, රෝගය ඉක්මනින් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය, සහ පීඩා විඳින පුද්ගලයින්ට මානසික සහයෝගය ලබාදීම ප්‍රමුඛ කර ගැනේ.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, කරාපිටිය ජාතික රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මේධාවනී දිසානායක, යාපනය ශීක්ෂණ රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.සුජීවන් යන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් අදහස් දැක් වුහ.

