මේදා අයවැය තුළින් ගොවි ජනතාවට කිසිදු සහනයක් සලසා නැති හිස් මුට්ටි අයවැයක් බවත් මේ අයවැය ගොවි ජනතාවට දකින්නට හැකි වන්නේ මුට්ටි කාසී අයවැයක් බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙනක්කොන් මහතා පැවසීය.
අප කල විමසුමක දී ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙනක්කොන් මහතා මෙසේ ද පැවසීය.
මෙදා අය වැය ඉදිරිපත් කරාට ගොවි ජනතාව නොසලකා හරිමින් කරපු අයවැයක්. වචන රචනා කරලා හරි ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. ලස්සනයි කතාව නමුත් වැඩ නැති අයවැයක්. ගොවියා අමතක කළ ලියවිල්ලක් පමණක් බව පෙන්වා දිය හැකියි.
පැය හතරයි විනාඩි 15 ක් පුරාවට මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයා අපට අපූරු අයවැය පාඩමක් ඉගැන්නුවා. එහි දි සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අයවැය සාහිත්‍ය පාඩමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විෂය නිර්දේශයට අනුව දේශණයක් කළ බව ප්‍රකාශ කරන්නට කැමැතියි.
බලය ගන්න කොට ආණ්ඩුව ආනයනික ආර්ථිකයක් ගැන වහසි බස් කියමින් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම ගැන කතා කරා. නමුත් ඒවා මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා ද ? නෑ. මේ රටේ දේශීය ආර්ථිකයේ පදනම කෘෂි කර්මාන්තයි. එය මේ සහෝදර ආණ්ඩුව අමතක කර තිබෙනවා. මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 67 ක් ගොවිතැන් කටයුතු වල නියැළෙනවා. සියයට 35 සිට සියයට 42 කගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්ත යයි.
අමුඩ ඇඳත් ගොවියා රජ කරන බව කියමින් කොළඹට පැමිණි උද්ඝෝෂනය කර ගොවි ජනතාවගේ ජන්දයෙන් බලයට ආ මේ ආණ්ඩුව ගොවි කම හා ගොවි ජනතාව අමතක කර ඇති බව ද ඒ මහතා පැවසීය.
සමස්ථ අයවැය වියදම බිලියන 4500 ක් වුවත් ඉන් බිලියන 1944 ක් වැය කර ඇත්තේ මුදල් , ආරක්ෂක, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙනි. අයවැය කතාවේ ප්‍රමුඛත්වය ලැබුණේම රටම ඩිජිටල්කරණය කිරිම වෙනුවෙන් ඩිජිටල් කතාවෙනි. අපිට තාක්ෂණය හා බැඳුණු නවෝත්පාදන ආර්ථික උපාය ප්රවේශයන් අවැසි බව සත්‍යක් වුවද නිෂ්පාදන ආර්ථිකය ට ප්‍රමුඛත්වය නොදී එය මගහැරීම අටුව කඩා පුටුව හැදීමේ සංවර්ධන ක්‍රියාවකි. වතු කම්කරුවන් කෙරෙහි දැක්වූ අනුකම්පාව ගොවි ජනතාව ගැන නොදක්වපු තඹුත්තේගම ගොවි පුතා බලයට ගෙනාවෙම ගොවි ජනතාව බවද අමතක කලයුතු නොවේ.
කෘෂිකර්මාන්ත ක්ෂේත්රය සදහා වෙන් කල ප්‍රතිපාදන ගිය අයවැයේදි ඉතුරු වූ ප්රතිපාදනය. වාරිමාර්ග ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරිමට ගිය අයවැයෙන් ඉතිරි වූ 40% ,ක ප්‍රතිපාදන මේ අයවැයේදීද වෙන් කෙරුණු අතර අලුතින් භෞතික සංවර්ධනයක් වෙනුවෙන් වෙන් නොවූ අතර එනිසාම මෙය අපි දකින්නේ මුට්ටි කාසි අයවැයක් ලෙස විනා කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගිම පාදක කරගත් එසේම ගොවිජන ජිවිතය නගා සිටුවීමට පියවර නොගත් අයවැයක් බවයි . එය මුල ඉදන්ම කෘෂිකාර්ම ඇමති ලාල්කාන්ත මහතාගේ කතාවලින්ම අපට වැටහුනා. ස්වයංපෝෂිත වෙන්න ඕන නෑ වගේම විකුණා ගන්න බැරිනම් වගා කරන්න එපා යැයි වැනි කතා කිව්වෙම මේ රටේ ගොවි ජනතාව ගොවිතැන අධෛර්යමත් කරන්නට. එසේම අයවැය ඉතිහාසයේ පළමුවතාවට ගොවිජනතවත් ඔවුන්ගේ සුභසාධනයත් ගැන නොසළකා හැරපු අයවැයක් මේක .. අනෙකුත් ක්ෂේත්රයන් කෙසේ වෙතත් මෙය ණය අරගෙන IMF , ADB ඇතුලු ජාත්‍යන්තර ලීසිං කොම්පැණි සනසන්න හදපු අයවැයක් මිස මේ රටේ ජාතික ආර්ථිකය හා බැඳුණු කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නට හදපු අයවැයක් නම් නොවේ ඩිජිටල් ආර්ථිකය ගොඩනගන හැමෝටම කන්ඩ දෙන්න වගාකරන්න ඕන ගොවියෝ වෙච්ච අපි බව ඔය හැමෝම මතක තියාගන්න කියා අප ඉල්ලා සිටිනවා.

