මේ අනුව කොළඹ වරායේ රදවාගෙන තිබෙන සහල් මෙට්‍රික් ටොන් 130 ක ප්‍රමාණය නැත හොත් සහල් කිලෝ 1 30 000 ප්‍රමානය විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ද ඒ මහතා කීය.
ඉන්දියාවෙන් නැව ආවෙත් නොමිලේ සහල් ආවෙත් නොමිලේ දිළිඳු පවුල් සඳහා බෙදා දීමට මානුසීය ආධාරයක් වශයෙන් ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත එවන ලද කීරි පුණ්ණි සම්බා සහල් කන්ටේනර් පහක් දැනට මාස තුනක කාලයක් සිට වරායේ රඳවාගෙන ඇති බවත් එක සහල් කිලෝ එකට රුපියල් හැට පහ ගානේ බදු ගහන්න හදනවා. මේක අරුම පුදුම ආණ්ඩුවක් බව ද ඒ මහතා කීය.
මේ ආකාරයට තොගය රඳවා ගෙන තබා ගැනීම නිසා සහල් තොගය විනාශ වීමේ අවදානමක් ඇතිවිය හැකි බව ද එසේ වුව හොත් ඒම වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ද ඒ මහතා කීය.
කිසිදු මුදලක් අය නො කර නොමිලයේ ලබා දුන් මේ සහල් තොගය රේගු ගාස්තු වලින් නිදහස් කර අහිංසක ජනතාවට ලබා දෙන්නට වහාම නිදහස් කර දෙන්නට පියවර ගන්නා ලෙස ද ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
මේ සිද්ධිය සම්බන්දයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ද ඒ මහතා කීය.

