පුරා වසර 40 පසු උතුරේ තල් මල් සුවඳත් දකුණේ පොල් මල් සුවඳත් එක් කරමින් තල් වගාව සංව ර් ධනය කිරීමේ දැවැත්ත වැඩ සටහනක් දියත් කීරීම ට රජය තීරණ ය කර තිබේ.
ඒ යටතේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන තල් ගස ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද විවිධ භාණ්ඩ සහ ආහාර ඇතුලත් අලෙවි සැල වැල්ලවත්ත “කට්පගම්” ශාඛාව නවීන පහසුකම් සමගින් ආරම්භ කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
1985 වසරේ කොළඹ වැල්ලවත්තේ ආරම්භ කර පවත්වාගෙන ගිය “කට්පගම්” තල් ආශ්‍රිත නිෂ්පාදන සහ ආහාර ද්‍රව්‍ය අලෙවි ස්ථානය කාලයක සිට වැසී ගොස් තිබූ අතර ඒ නිසාම තල් ආශ්‍රිත ක ර් මා න්ත ක්ෂේත්‍රයේ නිරතවුණු ජනතාවට එය විශාල පාඩුවක්ව පැවතිණි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ එම ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් මෙම අලෙවි සැල වැල්ලවත්ත බොස්ටේල් ප්ලේස් යන ස්ථානයේදී නැවත විවෘත කළේය.
එම අවස්ථාවට එක් වෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කියා සිටියේ,
උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන තල් ගස ඔවුන්ගේ ජීවනෝපායයන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක් සපයන අතර ඔවුන්ගේ සංස්කෘතිය ආ ර් ථි කය සහ දෛනික ජීවිතය සමග සමීපව බැඳී පවතින බව ය.
රටේ ඇතිවූ අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පවා උතුරු නැගෙනහිර සමාජ ආ ර් ථි ක සංව ර් ධනය සඳහා තල් ගස වැදගත් කා ර් ය යක් ඉටු කල බවත් වැල්ලවත්තේ නැවත විවෘත කර ඇති මෙම අලෙවි සැල හරහා අගනුවර ජීවත්වන ජනතාවට සංචාරකයින්ට සහ විදේශිකයන්ට උතුරු නැගෙනහිර ජනතාවගේ තල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම පහසු වනු ඇති බවත් සඳහන් කළේය.
රට පුරා තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා “කට්පගම්” ප්‍රදර්ශනාගාර පුළුල් කිරීමට තීරණය ගෙන ඇති බවත් නවීන තාක්ෂණයන් භාවිත කරමින් තල් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරමින් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමටත් ප්‍රමිතියකින් යුතුව එම නිෂ්පාදන ඉහල නැංවීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
නාස්තිය අවම කර ආදායම වැඩි කිරීම සඳහා කැපවීමෙන් තම රාජකාරී ඉටුකර මේ තල් ආශ්‍රිත නිෂ්පාදනයන් ඉහල නංවා ඒ හරහා එම ජනතාවගේ ආ ර් ථි කය ඉහළ නංවා රටේ ආර්ථිකය ඉහල නැංවීමට කැපවී ක්‍රියා කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

